ඥානසාර හිමියන්ගේ හෙළිදරව්ව ගැන පරීක්ෂණයක් කතෝලික සභාවෙන් ඉල්ලයි රටතුළ යලිත් අන්තවාදී ප්‍රහාරයක් එල්ලකිරීමේ සැළසුමක් ඇති බවට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පුළුල් හා විධිමත් පරික්ෂණයක් පවත්වන්නැයි කතෝලික සභාව පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව එහි ජන සන්නිවේදන අධ්යක්ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ. 16 September 2021
‘එ.ජා. සැසිය කොරෝනා සමයේ අභියෝග ජයගන්න අවස්ථාවක් ශ්‍රී ලංකාවේ පශ්චාත් කොරෝනා සමයේ අභියෝග ජය ගැනීමට මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණඩල සැසිය මහඟු අවස්ථාවක් වනු ඇතැයි ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පැවසීය. 16 September 2021
සත්ව ආහාරත් අත්‍යාවශ්‍ය ආහාර ලෙස නම් කරයි සත්ත්ව ආහාර ද අත්‍යාවශ්‍ය ආහාර ලෙස ප්‍රකාශයට පත් කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. 16 September 2021
’’අලි ඇතුන් මුදාහැරීමට දුන් තීන්දුව නිත්‍යනුකූලයි’’ කූඨ ලේඛන සකස් කර අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළ නඩුවට සාක්ෂි නොමැතිවීම හේතුවෙන් එය වැඩිදුරත් පවත්වා ගෙනයා නොහැකියි යන පදනම මත අලි ඇතුන් මුදාහැරීමට අධිකරණය ලබාදුන් තීන්දුව නිත්‍යානුකූල බව නිතිපතිවරයා අද (16) අධිකරණයේදී ප්‍රකාශ කළේය. 16 September 2021
එතෙර සිට මෙතෙර එන ලාංකිකයන්ට ගුවන්තොටේදීම පී.සී.ආර් විදේශ ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකියන්ට කටුනායක ගුවන්තොටුපොළ තුළදීම අවම මිල ගණන් යටතේ පී.සී.ආර් පරික්ෂණ කර ගැනීමට අවස්ථාව සැලසීමට රජය පියවර ගන ඇතැයි ගුවන් සේවා හා අපනයන කලාපරාජ්ය ඇමැති ඩී.වී චානක මහතා ඊයේ (16) පැවසීය. 16 September 2021
පක්ෂ නායක රැස්වීමක් හෙට පාර්ලිමේන්තුව ලබන සතියේ රැස් වන ආකාරය තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට (17)පස්වරු 3.00ට පැවැත්වෙන බව එහි නියෝජ්‍ය මහලේකම්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂාණී රෝහණදීර මහත්මිය පැවැසුවාය. 16 September 2021
‘‘රටේ අභ්‍යන්තර ගැටලු විසැඳීමට බාහිර යාන්ත්‍රණයක් අවශ්‍ය නෑ‘‘ රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිඳු අවශ්‍යතාවක් නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි. 16 September 2021
මා ඔයෙන් එගොඩ විමට ගිය යතුරු පැදිකරු ගසාගෙන යයි මදුරුපිටිය මාඔයේ සපත්තු පාලමෙන් එගොඩ වීමට ගිය යතුරු පැදි කරුවකු සැඩ පහරට අසුව ගසාගෙන ගොස් ඇතැයි මීරිගම පොලිසිය කියයි . 16 September 2021
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් සී.අයි.ඩී යට පැමිණිල්ලක් බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් ගිනි අවි පෙන්වා එහි සිටි සිරකරුවන් පිරිසකට මරණ තර්ජන කළැයි කියන සිද්ධියකට අදාළව වහාම පරීක්ෂණයක් පවත්වා ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් කර ඇත. 16 September 2021
රත්වත්තේ සිද්ධීන්වලට බන්ධනාගාරයෙනුත් පරීක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඇතුඵ පිරිසක් අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවලට ගොස් කළහාකාරි ලෙස හැසිරුණේ යැයි කියන සිද්ධීන් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (සැපයුම්) සුනිල් කොඩිතුවක්කු මහතා පත්කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනුරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය. 16 September 2021
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යළිත් ඇන්ටිජන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු නිලධාරින් 200 දෙනකු රැපිඩ් ඇන්ටිජන් (ක්ෂණික ප්‍රතිදේහජනක) පරීක්ෂණවලට ලබන 21 වැනිදා යොමු කිරීමට කටයුතු යොදා ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය. 16 September 2021
බාලදක්ෂ කවුන්සිලයේ සාමාජිකයින්ගෙන් පෙත්සමක් ශ්‍රී ලංකා බාලදක්ෂ කවුන්සිලයේ නිර්දේශයකින් තොරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ප්‍රධන බාලදක්ෂ කොමසාරිස් වශයෙන් පත් කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් , ඒ මහතා එම ධූරයේ කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බාලදක්ෂ කවුන්සිලයේ සාමාජිකයින් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධීකරණ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. 16 September 2021
“ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අඩපණ කරන්න එපා” විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම් වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පදනම් විරහිත අදහස් පළකිරීමෙන් කණ්ඩායම උදාසීන තත්වයට පත්විය හැකි බවත් එවැනි දේවලින් වැළකී සිටින ලෙසත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි. 16 September 2021
රට විවෘත කරනවාද තීරණය හෙට රට ලබන 21 වැනිදා අඟහරුවාදා විවෘත කරනවද නැද්ද යන්න සම්බන්ධයෙන්වූ අවසන් තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) උදේ පැවැත්වීමට නියමිත කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදී ගැනීමට නියමිතය. 16 September 2021
කොවිඩ් එන්නත් නොගත් විසි දහසක් කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ කොවිඩ් මර්දන එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා ගෙන නැති විසි දහසකට ආසන්න පිරිසක් සිටින බවට තොරතුරු අනාවරණයවී ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය. 16 September 2021
ගොවිතැන දියුණු කරන්න ’’ටැබ්’’ දෙන්න යයි රටපුරා තොරතුරු ලබා ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ටත් කෘෂිකර්ම ක්ෂේත්‍ර නිලධාරීණ්ටත් ටැබ් පරිගණක 10,000 ක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. 16 September 2021
යුරෝපා කොමිසමේ දූත පිරිසක් 27 ලංකාවට ඇගලුම් නිෂ්පාදන , ඇතුළු නිෂ්පාදන කිහිපයක් අපනයනය කිරීම සදහා යුරෝපා සංගමය මෙරටට ලබා දෙන ජී.එස්.පී ප්ල්ස් සහනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමක් දින 10 ක නිල සංචාරයක් සදහා ලබන 27 වැනිදා දිවයිනට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹග් මහතා පැවසීය. 16 September 2021
සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු ඇතුළු 4 කගේ වැඩතහනම් සතොසට සතුව තිබූ රුපියල් ලක්ෂ 150 කට අධික වටිනාමින් යුත් සුදුළුණු කිලෝ 56,000 ක් නීතිවිරෝධී ලෙස වෙනත් පාර්ශවයකට අළෙවි කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සතොස මූලස්ථානයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු ඇතුළු නිලධාරීන් සිවුදෙනකුගේ වැඩතහනම් කළ බව සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා ’ලංකාදීප’යට පැවසීය. 16 September 2021
කතානායක ඉන්දීය ලොක් සභා කතානායක සමුළුව අමතයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉන්දීය ලොක් සභාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සමස්ත ඉන්දීය ව්‍යවස්ථාදායක කතානායකවරුන්ගේ සම්මේලනය (AIPOC) ඊයේ (15) ඇමතීය. 16 September 2021
එ.ජා.පය ගම්මට්ටමේ ක්‍රියාකාරීන්ගේ තොරතුරු රැස්කරයි එක්සත් ජාතික පක්ෂයේ ගම්මට්ටමේ ක්‍රියාකාරීන්ගේ සියලු තොරතුරු රැස්කිරීම ලබන සතියේ සිට ඇරඹේ. 16 September 2021
’’ශ්‍රී ලංකාව ගැන සම්මත වූ යෝජනා ක්‍රියාත්මක කරන්න’’ ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට අදාළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත වූ 46/1 යෝජනාවේ කරුණු ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකාවට බලකර සිටින බව යුරෝපා සංගමය පවසයි. 16 September 2021
පාසල් දරුවන් එන්නත්කරණය තීරණ අද ‘කොවිඩ්’ මර්දන එන්නත්කරණය පිළිබඳ විශේෂ තාක්ෂණික කමිටුව අද (16) පාසල් දරුවන් එන්නත්කරණය ඇතුළු විශේෂ තීරණ රැසකට එළඹීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය. 16 September 2021
දරුවන්ගේ ප්‍රශ්නයට මැදිවූ පියාට අඟිල්ල අහිමි වෙයි මොරටුව එගොඩඋයන, මුතුවැලි පාරේ දරුවන් දෙපිසක් අතර බහින්බස්වීමකට මැදිහත් වූ පියකු අනෙක් පාර්ශවයේ පියාගේ අතක මහපට ඇගිල්ලක් වෙන්වන ලෙස මන්නාපිහියකින් පහරදී කපා ඇතැයි මොරටුව, එගොඩඋයන පොලිසිය කියයි. 16 September 2021
රටේ ණය බරින් නිදහස් විය හැක්කේ මන්නාරම් තෙල්වලින් පමණයි ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝනියේ එම් - 2 ලෙස දැනට හදුනා ගෙන ඇති බැරකියුඩා ප්‍රදේශයේ බොර තෙල් බැරල් මිලියන 2,000 ක් තිබෙන බව සොයාගෙන තියෙනවා. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 150 ක්.එමෙන්ම මෙම ද්‍රෝනිය තුළ ගෑස් ඝන අඩි ට්‍රිලියන 09 ක් තිබෙන බවත් සොයාගෙන තියෙනවා.ඒවායේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 17 ක් යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. 16 September 2021
අධිවේගයේ යකඩ කැපූ දෙකක් මාට්ටු හෙයියන්තුඩුව දේවමිත්ත ප්‍රදේශය හරහා යන අධිවේගී මාර්ගයේ දෙපස දැල සවි කිරීම සදහා යොදා තිබෙන යකඩ බට කපා සොරකම් කළ බව කියන පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලිසිය පවසයි. 16 September 2021
පළාත් කීපයකට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද (16) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි ද ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 September 2021
කොළඹ වැසියන්ට නොමිලේ ඇන්ටිජන් කොළඹ පදිංචි කරුවන් සහ රැකියාවල නිරත වන පුද්ගලයන් සඳහා (කොළඹ 1 සිට 15 දක්වා ප්‍රදේශවල) නොමිලේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම කොළඹ මහනගර සභාව විසින් අරඹනු ලැබ ඇත. 16 September 2021
රට ඉඳලා එන අය පුද්ගලික පරිහරණයට ගේන බඩුවලට සීමා නෑ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට පැමිණීමේදී පෞද්ගලික පරිභෝජනය සදහා රැගෙන එන භාණ්ඩවලට කිසිදු සීමා පනවා නැතැයි මුදල් අමාත්‍යංශය පවසයි. 16 September 2021
ආනයනය සිමා කර ඇති භාණ්ඩ තොගයක් අල්ලයි රුපියල් ලක්ෂ 65 කට ආසන්න වටිනාකමින් යුත් නීති විරෝධීව ආනයනය කළ වියලි ඉඟුරු, උඳු සහ තල් සූකිරි තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගු නිවාරණ අංශය සමත් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති) සුදත්ත සිල්වා මහතා පැවසීය. 16 September 2021
කොරෝනාවෙන් මියගිය වැඩි පිරිසක් එන්නත් නොගත් අය කොවිඩ් ආසාදිතවී මියගිය පිරිසෙන් සියයට 76 ක් එකම කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් අය බව අලුත්ම සංඛ්‍යාලේඛනවලින් හෙළිවී ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය . 16 September 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026