ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි
(යොහාන් භාසුර)
ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බල කරමින් ගාලුමුවදොරදී පැවැත්වෙන විරෝධතාවයට කතෝලික සභාව සහයෝගය දක්වන බවත් ජනාධිපතිවරයා ඉවත් විය යුතු යන ස්ථාවරයේ කතෝලික සභාවද සිටින බවත් එහි මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමෝ පැවසූහ.
කතෝලික සභාව ද එම විරෝධතාවය ක්‍රියාත්මක කරන පිරිස සමග පසෙකින් සිටින බවත් විරෝධතාවය තුළ ආගමික කටයුතු කිරීමේ කිසිදු සූදානමක් නොමැති බවත් සිරිල් ගාමිණී පියතුමෝ කීහ.
පාස්කු ඉරුදින ආගමික වැඩසටහන් ගාලුමුවදොර විරෝධතාව පැවැත්වෙන ස්ථානයේ පැවැත්වීමේ සූදානමක් ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවල පළවුවද කතෝලික සභාව තුළ එවැනි කිසිදු සූදානමක් නොමැති බවද පියතුමෝ අවධාරණය කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට පස්සෙ කවුද ඒන්නෙ ?
පාලකයින් ගෙ හොර මගඩි ගැන කළකිරී අවංක චේතනාවෙන් ඊට විරෝධය පාන සාමාන්‍ය ජනතාව දැන් දැන් ඉතා බුද්ධිමත් විය යුතුයි . වෙනත් අරමුණු සහිත කණ්ඩායම් ඊට එකතු වී සිටින අතර එකතු වෙමින් ද පවතී. රටක් , දැයක් මෙන්ම සමයක්ද අපට රැක ගැනීමට ඇත
තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න නරක කාලයක් කවදාවත් බුද්දාගම විනාශ කරන්න බැහැ
350ක් පමණ කිතුනුවන් හා බැතිමතුන් මරණයට පත් කල යහපාලන රජය සමග ඉතා සහයෝගයෙන් කටයුතු කල කතෝලික සභාවද ඉල්ලා අස්විය යුතුය.
ඉන්පස්සේ මොකද වෙන්නේ? පාර්ලිමේන්තුවට විධායකය ලැබුණාට පස්සේ, මන්ත්‍රීලගේ ඡන්දයෙන් රනිල්ව රටේ විධායක අගමැති කමට පත්කරනවද?
ජනාධිපතිතුමා ව්‍යවස්ථාවට එකඟව ඉල්ලා අස්විය යුතු නැත. වරින්වර අබූත ප්‍රකාශ, ජනමාධ්‍යයට මුදවා හරින කාදිනල්තුමා නිලයට ගරුකර ඉල්ලා අස්විය යුතුයි... එය මම කතෝලිකයෙක් වශයෙන් ඉල්ලා සිටිමි.