
(ඉන්දිකා රාමනායක)
ව්‍යාජ මුදල් නෝට්ටු 42 සමග තරුණයෙක් මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු සන්තකයේ රුපියල් 1000 ව්‍යාජ නෝට්ටු 38 සහ රුපියල් 5000 නෝට්ටු 8 ක් තිබූ බව පොලිසිය පවසයි.
සැකකරු ඊයේ (13) දහවල් මිනුවන්ගොඩ සතිපොළේ දී, රුපියල් 1000 රාජ්‍ය නෝට්ටුවක් වෙළෙන්දකුට ලබාදී ඇති අතර එම නෝට්ටුව සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත මිනුවන්ගොඩ පොලිසියට කළ දැනුම් දීමකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගේ ගම්පහ පිහිටි ව්‍යාපාරික ස්ථානය පරීක්ෂාවට ලක් කිරීමේ දී කිරීමේ දී ඒ තුළ තවත් 1000 ව්‍යාජ නෝට්ටු නෝට්ටුක් 4 සහ රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු අටක් සොයාගෙන ඇත.
සැකකරු මෙම ව්‍යාපාරික ස්ථානය සිට ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කරන බවට පොලිසිය තොරතුරු හෙළි කර ගෙන ඇති අතර ඒ සඳහා භාවිතා කරන පරිගණකයක් ඇතුළු උපකරණ රැසක් ද පොලිස් බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd