(ඉන්දිකා රාමනායක)
ගාලු මුවදොර පැවැත්වෙන නිර්පාක්ෂික විරෝධයට පොලිස් නිල ඇඳුමින් එක්ව සිටි පොලිස් සැරයන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
කුට්ටිගල පොලිස් ස්ථානය ස්ථානයට අනුයුක්තව සිටි පොලිස් සැරයන් ඒ අමරදාස (30158) නමැත්තකු බවට හඳුනාගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම පොලිස් සැරයන්වරයා පොලිස් ස්ථාන රැසක සේවය කරමින් සිටියදී විවිධ විෂමාචාර ක්‍රියාවලට සම්බන්ධ වී වැඩ තහනමට ලක්කර තිබියදී අතිශය සානුකම්පිත හේතුන් මත නැවත සේවයේ පිහිටු වූ පුද්ගලයකු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි .
සිරිපාගම පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරි සඳහා යොදවා සිටියදී ස්ථානාධිපතිවරයාට නොදන්වා මොහු ගාලු මුවදොරට පැමිණ ඇති බවද හෙතෙම කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඈත්ත කියනකොට විනය පරීක්ශන, හොරා කන දේශපාලකයන් සහ ඔව්න්ගේ පසුපස යන හොර නිලදාරීන්ට සෑලියුට් කරන වසල යුගය අවසන් කරමු.
තමන්ගෙ නිළ ඇදුමට හා තමා දරණ තනතුර හෑල්ලුවට ලක්කිරීම ආයතන සංග්‍රහය අනුව වරදක් වෙනවා මොහුගේ මානසික තත්වයද පරීක්ෂා කලොත් හොදයි තවත් එකක් මේක පොලිස් ගැටයක්ද කියලත් සොයා බලන්න
රැකියාවෙන් දොට්ට. ජෙප්පන්ගෙන් ඇමති කමක් ගන්න වෙන්න ඇති.
සිරිපා ගම සිට ගොටගෝගමට එතුමා ගේ අදහස් වලට ජයවේවා