දරුවන්ට ඔන්ලයින් කරන්න ගෙට ලයිට් ගන්න දඟලන මවක් තම දරුවන් හතර දෙනාගේ අධ්‍යාපන හා ආරක්ෂාව වෙනුවෙන් කුඩා පැල්පතට වසර අටක් තිස්සේ විදුලිය ලබා ගැනීමට වෙරදරන මවක වැලිඔයෙන් අපට හමු විය. 06 December 2021
යුගදනවි ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට කෙරවලපිටිය යුගදනවි බලාගාරයෙ කොටස් විකිණීමට අදාළව ඇමරිකාවේ නිව් ෆොට්රස් එනර්ජි සමාගම සමග අස්සන් කරන ලද ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට හෙට ඉදිරිපත් කෙරෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි . 06 December 2021
‘‘දරුවන් වෙනුවෙන් ප්‍රියන්තට සාධාරණයක් කරන්න‘‘ මහත්තයා නිතරම අපිට කතා කරනවා. කිසිවිටෙක කරදරයක් හිරිහැරයක් ගැටලුවක් ගැන කිව්වේ නැහැ. ප්‍රවෘත්තිවලට කිව්වාම තමයි අහස පොළොව නුහුළන මේ අපරාධය අහන්න ලැබුනේ. ලංකාවේ ජනාධිපතිතුමන්ගෙනුත් පකිස්තානේ ජනාධිපති අගමැති තුමන්ලාගෙනුත් මම ඉල්ලන්නේ දරුවන් දෙදෙනා වෙනුවෙන් සාධාරණයක් කරන්න යැයි පකිස්ථානයේදී අන්තවාදීන් පිරිසක් පහරදී මරා පුලුස්සා දැමූ ශ්‍රී ලාංකික ඉංජිනේරු දියවඩනගේ දොන් ප්‍රියන්ත කුමාර (49) මහතාගේ බිරිය නිලූෂි දිසානායක මහත්මිය පැවසුවාය. 05 December 2021
ඔමික්‍රෝන් ගෙනා කත එන්නත් නැතිව රට ගියේ කොහොමද ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනයවූ කාන්තාව එන්නත් ලබා නොගෙන තිබියදීත් රටට ඇතුළු වූයේ කෙසේදැයි වහාම විමර්ශනයක් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 05 December 2021
රනිල් ඉන්දියන් සාගර සමුළුව අමතයි කොරෝනා වෛරසයේ අඛණ්ඩ විකෘති වීම් හමුවේ සෞඛ්‍ය පද්ධති සහ රාජ්‍ය මූල්‍ය මත ඇති වන පීඩනය නිසා ඉදිරි වසරේ ආහාර හිඟයක් ඇති වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අබුඩාබියේ පැවති ඉන්දියන් සාගර සමුළුව අමතමින් අද (5)පැවසීය. 05 December 2021
මෝටාර් උණ්ඩය කපන්න ගොස් මරු තුරුළුට යයි කිලිනොච්චිය , පරන්තන් උමයාගපුරම් ප්‍රදේශයේ අබලි යකඩ එකතු කරන නිවසක මෝටාර් උණ්ඩයක් පුපුරායාමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව 15 හැවිරිදි දරුවකු තුවාල ලබා රෝහල්ගත කළ බව කිලිනොච්චිය පොලිසිය කියයි. 05 December 2021
කොරෝනා වයිරසයේ ගෝලීය තත්ත්වය ගෝලීය කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 05 December 2021
පළමු වටයේ රෝගීහු 500 සීමාව පනිති කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 586 දෙනකු අද (5) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 05 December 2021
කොරෝනා මරණ අදත් 20 පනී කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 21 දෙනකු ඊයේ (4) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (5) තහවුරු කළේය. 05 December 2021
පාකිස්තාන සිද්ධියෙ සැකකරුවන් 6 හඳුනා ගැනෙති ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනයට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවන් හයදෙනකු හඳුනාගෙන ඇතැයි පන්ජාබ් පොලිසිය අද (5) ප්‍රකාශ කළේ ය. 05 December 2021
අනුරපුරයේ සංචාරක හෝටල් පහක් බැංකුවට සින්නවෙයි බැංකුවලින් ලබාගත් ණය මුදල් ගෙවාගත නොහැකි විම නිසා අනුරාධපුරයේ සංචාරක හෝටල් පහක් මේවන විටත් බැංකුවට සින්නවි ඇතැයි අනුරාධපුර සංචාරක හා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ ගුණසේකර මහතා පැවසිය. 05 December 2021
ඉන්දියාවෙන් කෝටි 38,000 ක ණයක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියවේ කළ සංචාරයේදී ඩොලර් මිලියන 1900 ක (රුපියල් කෝටි 38,000) පමණ සහනදායි ණයක් ලබාගැනීමට හැකි වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය. 05 December 2021
හිතුමතේට වියදම් කළ පළාත් ආයතන රැසක් විසුරුවයි අයවැය සම්මත කිරීමෙන් තොරව මුදල් වියදම් කර ඇතැයි පැවසෙන පළාත් පාලන ආයතන ගණනාවක් විසුරුවා හැරීමට රජයේ අවධානය යොමුවී ඇත. 05 December 2021
සෞඛ්‍ය නීති කැඩූ නව යුවළට වැඩ වරදී සෞඛ්‍ය උපදෙස් නොතකා 1000 කට ආසන්න පිරිසක් කැදවා හබරාදුව දුවමලලගම ප්‍රදේශයේදි මංගල උත්සවයක් පැවැත්වූ මනාල යුවළක් අත්අඩංගුවට ගෙන බැදුම්කර ඇපයක් මත අද (5) මුදාහැරිය බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 05 December 2021
ජපානයේ සිට උඩින්ම සිංහරාජයට ඇවිත් ශ්‍රී ලංකාවෙන් මෙතෙක් කිසිම දිනක දැක නැති සංචාරක පක්ෂියකු සිංහරාජය ආශ්රිත මෝනින් සයිඩ් ප්‍රදේශයෙන් වාර්තා වූ බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. 05 December 2021
මතුගම ඇළකට සායනික අපද්‍රව්‍ය ගෙනත් දමලා මතුගම බෝපිටිය නැගෙනහිර ශ්‍රී සාරානන්ද මාවතේ ඇළ මාර්ගයකට එන්නත් කුප්පි ,සිරින්ජර් ඇතුළු සායනික අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් දමා ගොස් ඇති බව ප්‍රදේශවාසීහු පවසති. 05 December 2021
ඔමික්‍රොන් කත ගැන දැනගත්තේ පැමිණ දින 9කට පසු ඔමික්‍රොන් වයිරසය වැළඳී ඇතැයි හෙළි වූ, නයිජීරියාවේ සංචාරය කර මෙරටට පැමිණ සිටින කාන්තාව ලුනාව නිරෝධායන මධ්‍යස්ථානයට යැව්වත් ඇය එහි රඳවාගෙන ඇත්තේ එක් දිනක් පමණක් යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කියයි. 05 December 2021
පාකිස්ථානයේදී ලාංකිකයාගේ ඝාතනයට 235 ක් අත්අඩංගුවට පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සාමාන්‍යධිකාරී ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතාට අමානුෂික ලෙස පහර දී ඝාතනය කර පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (05) වන විට එහි ප්‍රධාන සැකකරු ෆර්හාන් ඉද්රීස් නම් පුද්ගලයා ඇතුළු 235 දෙනෙකු මේ වනවිට පකිස්ථානයේ සියල්කොට් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව එරට තානාපති ආරංචි මාර්ග සදහන් කරයි. 05 December 2021
දරුවන් පස් දෙනා කැලේ දමා මව හොර මිනිහා එක්ක යයි වාරියපොළ අඹකඩවර ප්‍රදේශයේ පස්දරු මවක තම දරුවන් පස් දෙනා කැලෑවක අතරමං කර අනියම් සැමියකු සමග ගිය පුවතක් වාරියපොළ පොලිසියෙන් වාර්තා වෙයි. 05 December 2021
පකිස්ථානයේදී ලාංකිකයකු ඝාතනය කිරීම හෙළා දකිනවා පාකිස්ථානයේ දී සිදුවූ ශ්‍රීලාංකිකයාගේ කෘර ඝාතනය දැඩි සේ, හෙළා දකින බවත් මෙම අපරාධය පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කොට වරදකරුවන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පාකිස්ථාන බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. 05 December 2021
ජනපති ඉන්දියානු සාගර සමුළුව අමතයි ‘කෙවිඩ්’ වසංගතයෙන් පසු ආර්ථිකය ප්‍රකෘතිමත් කරගැනීම සඳහා කලාපයේ සියලුම දෙනා සහයෝගයෙන් එක්විය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 05 December 2021
මාමණ්ඩිය මැරූ සාජන් බෑනා අත්අඩංගුවට කළුතර කොහොලාන හෙට්ටිගොඩ නිවසක් තුළදී සිය මාමණ්ඩියට අතින් පයින් පහරදී ඝාතනය කළ පොලිස් සැරයන් බෑනා ඊයේ( 4) රාත්‍රී අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි 05 December 2021
සපුගස්කන්ද අනින්දා සිට යළි වැඩ අරඹයි වසා දමා ඇති සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අනිද්දා (07) යළි ආරම්භ කරන බව බලශක්ති අමාත්‍යංශය කියයි. 05 December 2021
කින්නියා පාලම් පාරුව තවත් ජීවිතයක් බිලි ගනී කින්නියා කුරුඤ්ඥනේකි කලපුවේ පාළම් පාරුවක් පෙරලීමේ සිද්ධියෙන් තුවාල ලබා කිලිනොච්චි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් ඊයේ රාත්‍රියේ මියගොස් ඇති බව පොලිසිය කියයි. 05 December 2021
එල්.පී.එල්. ප්‍රවේශපත් අළෙවි ඇරඹේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ලංකා ප්‍රීමියර් ලීග්’ (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත් මේට්ලන්ඩ් පෙදෛස ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ ප්‍රවේශපත් කවුළුවෙන් අද (5) සිට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා නිකුත් කරයි. 05 December 2021
විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 300 ක් අඩුවෙලා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ පසුගිය මාසය තුළදී ඩොලර් මිලියන 300 කින් (රුපියල් කෝටි 6000) පමණ අඩුවී ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය. 05 December 2021
‘‘රටේ තත්ත්වය ජනතාව කියන්න‘‘ රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයත් ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායමත් ජනතාවත් දැනුවත් කරන්නැයි ආන්ඩුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු මන්ත්‍රී කණ්ඩායම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 05 December 2021
මහකොමසාරිස්වරයකු අමාත්‍යංශ ලේකම්වරු 7ක් පත්කිරීමට අනුමැතිය රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් 07 දෙනකුගේ සහ මහකොමසාරිස්වරයකුගේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය. 05 December 2021
‘ඉල්ලා අස්වීම හැර ආණ්ඩුවට විකල්ප නෑ‘ අර්බුදකාරී සමයේ රට ගොඩනැගීමේ කිසිදු හැකියාවක් හෝ සමත්කමක් නැති බව අවංකව පිළිගෙන ඉල්ලා අස්වීම හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් නොමැති බව සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 05 December 2021
මාස්ක් නැතිව කඩේ ගිය ඩෙන්මාර්ක අගමැතිනියට දඩ ’කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් යළිත් වරක් ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ අනිවාර්ය කර තිබියදී, මුහුණු ආවරණයක් නොමැතිව, රෙදිපිළි වෙළෙඳ සැලකට ගොඩවුණු ඩෙන්මාර්ක අග්‍රාමාත්‍යවරිය මෙට් ෆෙඩ්රික්සන්ට දඩ නියම විය. 05 December 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026