IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


දිඹුලාගල හිමිවරු රජයට දැඩි දොස් නඟති

(නිමල් ජයරත්න)

ජනතා පීඩක ආණ්ඩුව වහාම ඉවත් වන ලෙසටත්, ජනතාවට පැට වී තිබෙන ජීවන බර වහාම අඩු කරන සටන් බලකරමින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා සහ දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා මෙන්ම සාමණේර හිමිවරුන් හැත්තෑවකට ආසන්න පිරිසක්  පොළොන්නරුව මනම්පිටිය මහවැලි පාලම උඩට පා ගමනින් වැඩම කරවා අද සවස විරෝධතාවයක නිරත වූහ.

ජනාධිපති, අගමැති, ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මෙන්ම එදා ,මෙදා, පැවති සියලු රජයන් වසර 74 ක සිදු කළ විනාශයට වගකිව යුතු බවත්, වත්මන් ආණ්ඩුව ජනතාවගේ ගැටළු හා දුක්කම් කටොලු තේරුම් නොගෙන සුර සැප විඳින බවත්, ජනතාව විශාල පිරිසක් දැඩි ආර්ථික පීඩනයට පත්ව සිටින බවත්, මෙම තත්ත්වය මත ආණ්ඩුව ප්‍රමුඛ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, ඉල්ලා අස්වී රට වෙනත් පිරිසිදු පාලක පන්තියකට වහාම බාර දෙන ලෙසද දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ මෙහිදී සඳහන් කළහ.

රට හා ජනතාව පත්ව ඇති ආර්ථික පීඩනය නිසා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත වෙහෙර විහාරස්ථාන රැසක වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලාට දානමාන නොලැබෙන බවත්, මෙම තත්ත්වයට වගකිව යුත්තේ වත්මන් රජය බව ද රාහුලාලංකාර නාහිමියන් පැවසූහ. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වාස කරමින් රටේ හැට නව ලක්ෂයක් මෙන්ම මහා සංඝරත්නය ආශිර්වාද සිදු කරමින් ඔහුට මනාපය ලබා දුන්නේ රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට බවත් මෙම තත්ත්වය පසෙකලා රාජපක්ෂවරු රටේ සියලු දේපල ඇමරිකාවට, චීනයට, මෙන්ම ඉන්දියානු විකුණා ලංකාව සින්නක්කර පවරා දීමට සැලසුම් කරන බවත්, සියලු රාජපක්ෂවරු ආණ්ඩුවෙන් ඉවත් වී ඔවුන්ගේ නිජබිම් වන ඇමරිකාවට යන ලෙසටත් නාහිමිවරුන් සඳහන් කළහ.



අදහස් (2)

දිඹුලාගල හිමිවරු රජයට දැඩි දොස් නඟති

සකල ගුරු Thursday, 14 April 2022 06:31 AM

ඔබ වහන්සේලාට දානය නොලැබුණත් මහගල යටටත් ඉත්තෑවන්ටත් සියලු පහසුකම් ලැබෙනවා ඉතින් පාලකයො හිතන්නේ ඔබ වහන්සේසේලාටත් එහෙම ලැබෙනවා කියලා මේ පාලකයො ජනතා දුක දන්නෙ නැහැ උන් හිතන්නේ අච්චුගහපු 5000 කොලයක් දුන්නම ඔක්කොම හරි කියලා වියතුන්ගේ අදහස් නේ අපේ හාන්දුරුවනේ

:       0       0

සාමන්ත Thursday, 14 April 2022 02:28 PM

අන්න හරි හාමුදුරුවනේ ! බඩට වැදුනොත් තමයි දැනෙන්නේ . බුද්ධ සාසනේට හෙන ගැහැව්වත් කමක් නැහැ. දළදා මාලිගාව, නාග විහාරෙ ,කලුතර බෝධිය ජනසතු කරල ව්කුකුණලා කන්න හොයා ගමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 312 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 839 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1264 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site