(යොහාන් භාසුර)
පාර්ලිමේන්තුවේ විවිධ උපක්‍රම මගින් ඔලුගෙඩි දිනාගැනීමට පෙර ජනතාව දිනාගැනීමට රජය කටයුතු කළ යුතු බවත් ජනතාව සහ ජාත්‍යන්තරය දිනාගැනීමට සියලුම පක්ෂවලින් සමන්විත ආණ්ඩුවක් පිහිටුවීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික හිටපු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා 'ලංකාදීප' යට පැවැසීය.
ජනතාවට පිළිගත හැකි ආණ්ඩුවක් පිහිටුවීමෙන් තොරව වෙනත් කිසිදු විසඳුමක් වර්තමාන අර්බුදයට නොමැති බව කී අලගියවන්න මහතා එම ආණ්ඩුව එක දේශපාලන පක්ෂයක ආණ්ඩුවක් වීම ඵලදායි නොවන බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 11 යෝජනා ඉදිරිපත් කරමින් එවැනි ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයාට හොඳ අවස්ථාවක් ලබාදුන් බවත් ඉතිහාසයේ මෙන්ම මෙවර ද ජනාධිපතිවරයා එම අවස්ථාව පැහැර හැරි බවත් අලගියවන්න මහතා කීය.
ආර්ථික අර්බුදය විසදීමට පෙර දේශපාලන අර්බුදයට විසඳුමක් ලබාදිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අඛණ්ඩව ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවද අලගියවන්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි දිනාගන්න පෙර ජනතාව දිනාගත යුතුයි
මහා බැංකු හොරා Thursday, 14 April 2022 01:28 PM
ඔයාල සියල්ලම හොරු වත්කම් ප්‍රකාශනයක් දෙන්න, හොරකම් කරපුවාට ,කොමිස් ගහපුවාට පාර්ලිමේන්තුවේ නීති හදල පුළුවනි නම් කතා කරන්න. උඹල 225 ම මේ රට පල උලා කෑවා