ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව වහා ඉවත්වන ලෙසත් ජනතාවට සහන සලසන ලෙසත් ඉල්ලා දිවයිනේ විවිධ නගර වලත අලුත් අවුරුද වූ අද දින විරෝධතා සහ පෙළපලි පැවැත්විණි.

අධික ජිවන වියදම නිසා වර්තමානයේ ජිවිතය ගැටගසා ගත නොහැකි බව එම විරෝධතාකරුවෝ ප්‍රකාශ කළහ.

අනුරාධපුර, ගාල්ල, නිකවැරැටිය ආදි නගරවල මෙම විරෝධතා පැවැත්විණි.

අනුරාධපු නගරයේ පැවැති උද්ඝෝෂණය (දයාරත්න ඇඹෝගම)

ගාල්ල නගරය (සිරංගිකා ලොකුකරවිට)

නිකවැරැටිය නගර (ප්‍රියානි මංගලිකා)