ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගිය වසරේ උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත රැගෙන ගිය මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් අඩංගු ගුවන් යානා වාණිජමය මුහුණුවරක් මත පමණක් සිදු කළ ක්‍රියාවක් බවත් ගුවන් භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ප්‍රමිතීන්ට අනුව එම භාණ්ඩ සම්බන්ධයෙන් තොරතුරු රඳවා තබා ගන්නා බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ශ්‍රී ලංකන් සමාගම නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
&2021 පෙබරවාරි මාසයේ දී කොළඹ සිට උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් ප්‍රවාහනය කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් භාණ්ඩ ඇණවුමක් ලැබුණි. මෙම ගුවන් භාණ්ඩ තොගය සම්පූර්ණයෙන්ම වාණිජමය ක්‍රියාදාමයක් වූ අතර එමගින් ගුවන් සමාගමට රටට විදේශ ආදායමක් ගෙන ඒමට හැකියාව ලැබිණි.
මෙම භාණ්ඩ ඇණවුම වාණිජමය මුහුණුවරක් මත පමණක් සිදු කරන ලද්දක් බව ශ්‍රී ලංකන් ගුවන් සේවය අවධාරණය කරයි.* යනුවෙන් ශ්‍රී ලංකන් සමාගම සිංහල භාෂාවෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙයි.
ගුවන් භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ප්‍රමිතීන්ට අනුව ඇති කරගත් ගිවිසුම් ගත බැඳීම් මත මෙම භාණ්ඩ තොගය පිළිබඳ තොරතුරු රඳවා තබා ගන්නා බව ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් උසාවි නියෝගයක් ගත්ත නම් තොරතුරු ගත හැකිනේද?
මොනාද බොල ඒ ? ඩොලර්වත් ද ?
අපිට නම් ආරංචි විදිහට ඒ රාජපක්ෂලා හොරකම් කරපු සල්ලි සහ කොටින්ගෙන් අල්ලගත්ත රත්රන්
ශ්‍රී ලන්කන් එකේ ඔය නිවේදනය මහ ප්‍රාථමික එකක්නෙ රටට අවශ්‍ය ඔය ප්‍රකාශය නොවේ.කවුරුන් විසින් කාට යවන ලද කුමන වර්ගයේ ද්‍රව්‍ය හෝ භාණ්ඩද? යන්නයි ජනතාවට දැනගන්න අවශ්‍ය වෙන්නේ.ඉතුරු ටික ඔවුන් සොයාගනියි.