(ක.ග.කරුණාරත්න)
අරලගංවිල,දිවුල්දමන,අරුණපුර ප්‍රදේශයේදී වන අලියකුගේ පහරකෑමට ලක්වූ 22හැවිරිදි තරුණයකු එම ස්ථානයේදීම මරුමුවට පත්වී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
ඒ සිද්ධියෙන් මියගොස් ඇත්තේ අරලගංවිල,දිවුල්දමන,අංක 32 බී යන ලිපිනයේ පදිංචිව සිටි එම්.ආර්.නලින්ද දිශාන් රෝහණ(22)යන අයයි.
මොහුගේ මෘත දේහය අද(14)පශ්චාත් මරණ පරීක්‍ෂණයක් සඳහා පොලොන්නරුව මහ රෝහලේ මෘතශරීරාගාරය වෙත රැගෙනවිත් තිබේ.
අරලගංවිල පොලීසිය මේ පිලිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd