(සනත් ගමගේ)

ඉන්ධන පිරවුම්හලින් ලබාගත් පෙට්ට්‍රල් ලීටර් 800 ක් පමණ වැඩි මිළට අලෙවිකරමින් සිටි පුද්ගලයකු අම්බලන්තොට පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

අම්බලන්තොට ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ලබාගත් මෙම ඉන්ධන මිලි ලීටර් 750 බෝතලයක් රුපියල් 270 කට මුදලට අලෙවි කරමින් සිටිය දී පොලිස් උපාය ධූතයකු යොදවා අදාළ සැකකරු ඉන්ධන තොගය සමඟ බැරගම ප්‍ර දේශයේ දී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි