ප්‍රවීන විකට නළු බන්දු සමරසිංහ මහතා ඉතාලියේ මිලාන් නුවර කන්සියුලර්වරයා ලෙස පත් කිරීමට තීරණයක් ගෙන නැතැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

ලංකාදීප වෙබ් අඩවියේ පළ වූ පුවත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා කියා සිටියේ බන්දු සමරසිංහ මහතාගේ නම ඊට යෝජනා වී ඇතත් අවසන් තීන්දුවක් ගෙන නැති බවයි

--------------------------------------------------------------------------------------------------------------------------------

(විමුක්ති එස් රුද්‍රිගු)

ප්‍රවීන විකට නළුවකු වන බන්දු සමරසිංහ මහතා ඉතාලියේ මිලාන් නුවර නව කන්සියුලර්වරයා ලෙස පත් කිරීමට යෝජනා වි ඇතැයි විදේශ කටයුතු ආරංචි මාර්ග කියයි.

ඉතාලියේ මිලාන් නුවර කන්සියුලර්වරිය වූ නීලා වික්‍රමසිංහ මහත්මියේ අභාවයෙන් හිස් වූ කන්සියුලර් තනතුර සඳහා බන්දු සමරසිංහ මහතාගේ නම යෝජනා වී ඇත.