(ඩයනා උදයංගනී)
තමන් ද ජනතා අරගලයට එක්වන බව වත්මන් රජය බලයට ගෙන ඒම වෙනුවෙන් කටයුතු කළ ප්‍රවීණ රංගන ශිල්පියකු වන රවීන්ද්‍ර රන්දෙනිය මහතා පවසයි.
ඔහු සිය බිරිඳ වන ප්‍රීති රන්දෙනිය මහත්මියගේ ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.
තැබූ බලාපොරොත්තු බොඳ වෙමින් රට දිනෙන් දින අර්බුදයට ඇද වැටුණු බව ද ඔහු සටහන් කර තිබේ.
මේ අතර ‘ආයුබෝ වේවා මහරජාණෙනි’ ගීතය ලිවීම සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බව ගී පද රචක සුනිල් ආර් ගමගේ මහතා සඳහන් කර ඇත.
ගාළු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාවයට පැමිණ ඔහු මේ බව පවසා තිබේ.
එම ගීතය ගායනා කළ සහේලි ගමගේ මහත්මියද ගීතය ගැයීම පිළිබඳව ෆේස් බුක් ගිණුම ඔස්සේ ජනතාවගෙන් සමාව ඉල්ලා ඇත.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.