(ඩයනා උදයංගනී)
තමන් ද ජනතා අරගලයට එක්වන බව වත්මන් රජය බලයට ගෙන ඒම වෙනුවෙන් කටයුතු කළ ප්‍රවීණ රංගන ශිල්පියකු වන රවීන්ද්‍ර රන්දෙනිය මහතා පවසයි.
ඔහු සිය බිරිඳ වන ප්‍රීති රන්දෙනිය මහත්මියගේ ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.
තැබූ බලාපොරොත්තු බොඳ වෙමින් රට දිනෙන් දින අර්බුදයට ඇද වැටුණු බව ද ඔහු සටහන් කර තිබේ.
මේ අතර ‘ආයුබෝ වේවා මහරජාණෙනි’ ගීතය ලිවීම සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බව ගී පද රචක සුනිල් ආර් ගමගේ මහතා සඳහන් කර ඇත.
ගාළු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාවයට පැමිණ ඔහු මේ බව පවසා තිබේ.
එම ගීතය ගායනා කළ සහේලි ගමගේ මහත්මියද ගීතය ගැයීම පිළිබඳව ෆේස් බුක් ගිණුම ඔස්සේ ජනතාවගෙන් සමාව ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ රජාණනි ගීතය අයිති තිස් වසරක යුධ ගිනි දැල් නිවූ මහින් රාජපක්ෂ නම් වූ රජාට. ඒ ගෞරවය එලෙසම තැබිය යුතුයි. ඒ ගැන කණගාටුව පළකිරීම නිවට කමක්. දැන් ගැටළුව තියෙන්නෙ වර්ථමාන මහින්ද රාජපක්ෂ නම් වූ මහතා සමඟ. ඒ චරිත දෙකක්. කළගුණ අමතක කරන්නට තරම් අප අසත්පුරුෂයින් නොවිය යුතුයි
නිළි රැජිනට එපාවෙන්න තව කීදවසක් යයිද ?
මචං පොඩි හොර ටික ඔක්කොම ආවම, ඊළඟට ලොකු හොරු ටික එනවා. අන්තිමට රාජපක්ෂ පවුලත් එයි වගේ.
මේකට කියන්නේ ගිලෙන නැවෙන් ග මීයොත් එළියට පනිනවා කියලා
FB දාල හරියන්නේ නෑ මහත්තයෝ. ඔබතුමාලා කඩේ ගිය හැටියට දැන් ගෝල් ෆේස් ගිහින් ජනතාවගෙන් සමාව ගන්න.
රට,දැය,සමයට වඩා පුද්ගලික අභිලාෂයන් වෙනුවෙන් පමණක්ම ආත්මාර්ථකාමිත්වයෙන් කටයුතු කලාම ඔහොම වෙනවා කියන්න හැකිය දීර්ඝායු දුර බලන්න ළග බලන්න එපා කියලා කියවෙන ජාතික කථාව ආදර්ශයට ගන්න පන්සිය පනස් ජාතක පොත කියවා කල්පනා කරන්න (වත්මන් පාලකයො එම කතාව හා නිගන්ඨනාථ පුත්තගේ දහම අනුව කටයුතු කලා කියලා පේනවා )
මහණ වෙන්න.
අපට මොකද? මේ අය විශේෂ කොට්ඨාශයක්ද?
බලන්න මෙච්චර කඩේ ගිහිල්ලත් තවම කිසිම දෙයක් ලැබුනේ නැද්ද.දැන් ඉතිං කරන්න තියෙන්නේ හෙමින් හෙමින් ගෝල්ෆේස් එක පැත්තට කිට්ටු කරන එකයි.
මට නම් ලංකාවේ මිනිස්සු ගැන හරිම දුකයි. මොකද? කොච්චර උගතෙක් වුණත් මැටි මෝල් මෝඩයෙක් කියන බොරුවකට හෝ කතාවකට හොයන්නේ බලන්නේ නැතුව රැවටෙනවා. ඒකෙන් වෙන්නේ අපේ රට අපිටත් හොරෙන් අපි නොදැනුවත්වම වෙනත් කොට්ඨාශයකට අයිති වීමයි. ගෝල්ෆේස් එකේ මුලසුන කාගෙද? NGO සංවිධාන. කාට කියලද උද්ඝෝෂණ කරවන්නේ? JVP... ඕක නොතේරෙන අහිංසක මිනිස්සු ටිකකුත් ඔතන ඉන්නවා... JVP එකෙන් ඒ මිනිස්සුන්ව අන්දලා තියෙන්නේ...