
(යොහාන් භාසුර)
මෙම මස 20 වැනි දින ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කරමින් වැඩ බිම් තුල අඛණ්ඩව වැඩවර්ජනයක් දක්වා වැඩකරන ජන විරෝධය ඒකරාශී කිරීමට වෘත්තීය සමිති තීරණය කර ඇති බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසයි.
වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව වෙනුවෙන් සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසුවේ වෘත්තීය සමිති හා බහුජන ව්‍යාපර එකමුතුව සමග ශ්‍රී ලංකාවේ සියළු වෘත්තීය සමිති ඒකාබද්ධවී කටයුතු කරන බවයි.
ස්වාධින ජන මතයක් වෙනුවෙන් අරගල කරන මහජනතාවට පිටුපාමින් කටයුතු කිරීම පිළිබදව රටේ වැඩකරන ජනතාවගේ දැඩි පිළිකුල ප්‍රකාශ කරන බව කී රවි කුමුදේශ් මහතා ජන අරගලය ජයග්‍රහණය කරවීම උදෙසා කොන්දේසි විරහිත දායක්ත්වයක් ලබා දීමට වෘත්තීය සමිති හා බහුජන ව්‍යාපාර එකමුතුව තීරණය කර ඇති බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසියම් දවසක් යම් ආණ්ඩුවක් නීත්‍යානුකූලව අපේ රටේ සියලු වෘත්තිය සමිති තහනම් කළ දාක රට දියුණුව කරා ගෙන යා හැකිවේවි..!.
යා යුතු මග මෙයයි. මේ රජය ගෙදර යවා දූෂිතයින් සිරගත කරන තෙක් අරගලය අඛණ්ඩව කරමු...
ජන අරගලයට ජයවේවා...!!! අපගේ ලක් මෑණියන් කඳුළු සලනවා දුටුවා හොඳටම ඇති...!
ජයවේවා... මගේ උණුසුම් සුබපැතුම්...!!!
රට වැටී ඇති මෙවන් අසීරු අවස්ථාවක මහා වැඩ වර්ජනයක් මගින් ජනතාව බලාපොරොත්තු වන නව වෙනසක් ඇති කිරීම ඉතා අත්‍යාවශ්‍ය කරුණක් වී ඇති බැවින් මෙම ක්‍රියාදාමයට මේ රටේ සියලුම පුරවැසියන් එකතු වී එකාමෙන් කටයුතු කිරීම ගතයුතු කාලෝචිතම පියවර ලෙස මම දකිමි..
රාජ්‍ය නීති මාලාවන් තුළ සිටිමින් ඔබට වැටුප් ගෙවීමට, බදුමුදල් ගෙවන ජනතාවගේ සාධාරණ ඉල්ලීම්වලට ඔබත් සහයෝගය ලබාදීම සුදුසුය.
ඔක්කොටොම කළින් මේ වැඩේ ඉවර කරගෙන ඉන්න ඕනෑ.. ඊටපස්සේ රට ගොඩනගමු...
මේ රටේ ධනය දේශපාලකයන් විසින් කාබාසිනියා කළ බව දන්න රහසක්. හැබැයි ඒ විනාශයට යම්තාක් දුරට රජයේ සේවකයින්ගෙන් සමහරෙක් දායකවෙලා නෑ කිව්වොත් බොරු... එදා වේල හොයාගන්න බැරි වැඩකාරයයි, පෞද්ගලික අංශයේ සේවකයන්ටයි වැඩ කළොත් විතරයි පඩි ලැබෙන්නේ... දියුණු රටවල මිනිස්සු නිකම් ඉඳලා කිසිම දෙයක් ලබාගන්න ලැජ්ජා වෙනවා. වැඩ වර්ජන කරන අය එම දවස්වල පඩිය නොගත යුතුයි. එසේ වැටුප් ගන්නවා නම් ඔයගොල්ලන් එදිනෙදා කුලීවැඩ කරන කෙනාගේ කෑමවේල උදුරගන්නවා හා සමානයි. හොරකම පොඩි ලොකු කියලා වෙනසක් නෑ. මේ රට බංකොළොත් වීම නවතා දැමීමට දැනටමත් පමා වැඩියි...!
සෞඛ්‍ය, විදුලිය, ඛනිජ තෙල්... මේවට සම්බන්ධ ආයතන සේවා සපයමින් විරෝධතාවක් දැක්වූවාට කමක් නැත.
වැඩ වර්ජනය හොඳයි. ඒ වුණාට මේක ඉතා නරක පූර්වාදර්ශයක් විය හැක. මන්ද අනාගතයේදී වෘත්තීය සමිති හා බහුජන සංවිධාන කියන විදිහට මහජන ඡන්දයෙන් බලයට පත්වන ඕනෑම රජයක් පෙරලා දැමීමෙන් රට අස්ථාවර වීම හා විදේශීය රටවල් අතදැමීම වැඩිවනු නොඅනුමානයි...
මේක තමයි අන්තිම විසඳුම. සෑම ක්ෂේත්රයකම... සෞඛ්‍යය හැර, අඛණ්ඩ වැඩවර්ජනයක් කළ යුතුයි... මෙයාලා ගෙදර යනකම්ම. හැබැයි ඒ සමාගම, කරන්නේ මොකක්ද කියලා ප්ලෑන් එකක් ඕනේ. නැතිනම් මේ අය ගෙදර ගියාට ප්‍රශ්නේ එතැනමයි.