මෙරට හිටපු විනිසුරු යකන්දාවල කැනඩා මහ මැතිවරණයට මෙරට හිටපු විනිසුරුවරයකු වන ධර්මසේන යකන්දාවල මහතා කැනඩාවේ මහ මැතිවරණයට ඉදිරිපත් වී ඇත. 19 September 2021
පත්තේ කඩේ මැණික් විකිණු 10ක් අල්ලයි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ව පැවතිය දී බේරුවල පත්තේ කඩේ මැණික් වෙන්දේසි පොලේ මහමග ව්‍යාපාරික කටයුතුවල නිරතවී සිටි ව්‍යාපාරිකයන් දසදෙනකු පොලිස් අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි. 19 September 2021
ලොහාන් රත්වත්තේට එරෙහිව රජයෙන් පරීක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් රජයෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 19 September 2021
කිරිපිටි-තිරිඟු පිටි සහ සිමෙන්ති මිල ඉහළට පාරිභෝගික කටයුතු අධිකාරියේ මිල කමිටුව කළ අධ්‍යනයන්ට අනුව ජීවන වියදම් කමිටුවේ අවසාන අනුමැතිය ලබාගෙන කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීමට ඉදිරි දින කීපයේදී සිදුවනු ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය. 19 September 2021
ලාෆ් ගෑස් ගැන යළි සාකච්ඡා ලාෆ් ගෑස් මිල ඉහළ දැමූව ද තව දුරටත් පවතින හිඟය පිළිබඳව එළඹෙන සතියේ සාකච්ඡා ආරම්භ කිරීමට බලපොරොත්තු වන බව පාරිභෝගික ආරක්ෂණ රජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (19) පස්වරුවේ පැවසීය. 19 September 2021
ඉදිරි මාස 6 සඳහා මහබැංකුවෙන් නව සැලැස්මක් ඉදිරි මාස හයක කාලය සඳහා මාර්ග සැලැස්මක් හඳුන්වාදෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි. 19 September 2021
ජගත් කුමාර ට එරෙහිව විනය පියවර මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තම පක්ෂයේම කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකු විවේචනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සම්බන්ධයෙන් විනය කමිටුව රැස්වී සුදුසු පියවරක් ගන්නා බව පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය. 19 September 2021
‘කොවිඩ්’ මාරයට තවත් වෛද්‍යවරයෙක් බිලි කුරුණෑගල මහ රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කරමින් සිටි වෛද්‍ය සුදත් බණ්ඩාර මහතා ‘කොවිඩ්’ ආසාදනය වීමෙන් මරණයට පත්ව තිබේ. 19 September 2021
රටේ ස්වාධීනත්වයට අභිමානයට ඇගිලි ගහන්න විදේශයන්ට ඉඩක් නැහැ රටේ ස්වාධීනත්වයට අභිමානයට ඇඟිලි ගැසීමට කිසිදු විදේශයකට හෝ ජාත්‍යන්තර ආයතනයකට ඉඩ ලබා නොදීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා කොළඹදී පැවසීය. 19 September 2021
හම්බන්තොට නගරාධිපතිට පොලිස් ඇප ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එහි සිටි ආරක්ෂකයින් දෙදෙනෙකුට පහරදී තුවාල කළැයි කියන සිද්ධියකට අදාළව ට හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා අද (19) පොලිස් ඇප මත මුදා හැරි බව බම්බලපිටිය පොලීසිය පවසයි. 19 September 2021
‘ක්‍රීඩකයකු හැටියට යළි එන්නේ නෑ’ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයකු ලෙස කිසිවිටකත් නැවත නොයෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරකට නිලවශයෙන් මේ දක්වා කිසිඳු ආරාධනයක් ලැබී නොමැති බවත් ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අද (19) පෙරවරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 19 September 2021
විදේශ ඇමති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් හමුවෙයි මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට උත්සාහ දරණ තාවකාලික යාන්ත්‍රණය එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ පරමාර්ථවලට අනුකූල නොවන බවත් එය ලංකාවට පිළිගත නොහැකි බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මියට දැනුම් දුන්නේය. 19 September 2021
අත්තනගලු ඔයෙන් මතු වූ විශාල කිඹුලා ගම්පහ - මිනුවන්ගොඩ නව මාර්ග හරහා ගම්පහ නගරය ආසාන්නයෙන් ගලා බසින අත්තනගලු ඔයෙහි අඩි 15 ක් පමණ දිගින් යුත් සුදු පැහැති විශාල කිඹුලකු රැදී සිටි ආකාරයක් දිස්විය. 19 September 2021
හොර ගුවන් ගමන් බලපත්‍රයෙන් ඉතාලි යන්න හැදූ අයෙක් මාට්ටු අන්සතු ඉතාලි ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් , කටාර් රාජ්‍යයේ දෝහා ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයකු , කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තුව දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් අද (19) අත්අඩංගුවට ගෙන තිබේ. 19 September 2021
කල් ඉකුත් වූ හාල් මෙට්‍රික්ටොන් 208 ක් පොහොර නිෂ්පාදනයට ශ්‍රී ලංකා රේගුව බාරයේ තිබූ කල්ඉකුත් වූ නාඩු සහල් මෙට්‍රික්ටොන් 208 ක් (කිලෝ 208000) කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ගාල්ල, කරන්දෙණිය පිහිටි යුද හමුදා පොදු සේවා බලකා කඳවුරට ලබාදුන් බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය. 19 September 2021
හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට බම්බලපිටිය ප්‍රදේශයේදී පෞද්ගලික ආරක්ෂක අංශයක නිලධාරීන් දෙදෙනකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා බම්බලපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 19 September 2021
කොරෝනා නිසා හොරගොල්ල බණ්ඩාරනායක සමරුව නෑ කොරෝනා වසංගත තත්ත්වය නිසා බණ්ඩාරනායක 61 වන ගුණසමරු උත්සවය හොරගොල් පවත්වන්නේ නැතැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසන්නීය 19 September 2021
ගාමිණි ලොකුගේගෙන් ජගත් කුමාරට සැර පිළිතුරක් ජගත් කුමාර මන්ත්‍රීවරයා ගැන තමා බෙහෙවින් කණගාටු වන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවැසීය. 19 September 2021
කොරෝනා පරික්ෂණ නොමිලේ කරන්න කළුතර තැන් දෙකක් කොරෝනා රෝග ලක්ෂණ හෝ පළමු පෙළ ආශ්‍රිතයන් සිය පරීක්ෂණ කටයුතු සඳහා පයාගල ප්‍රාදේශීය සභා උප කාර්යාලය හා බේරුවල ප්‍රාදේශීය ලේකම් නිල නිවාස හි පිහිටුවා තිබෙන මධ්‍යස්ථාන දෙක වෙත ගොස් පි සි ආර්,හා රැපික් ඇන්ටිජන් පරීක්ෂාව කරගත හැකි බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල මහතා පැවසීය 19 September 2021
ජනපති ඇමෙරිකාවට ළඟා වෙයි එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිව්යෝර්ක් නුවරට ළඟා වෙයි. 19 September 2021
මුහුදු ගිය ධීවරයෝ කා කොටා ගනිති කුඩාවැල්ල ධිවර වරායෙන් මීට දින තුනකට පමණ පෙර මුහුදු ගිය ධිවරයන් පිිරිසක් අතර ඈත මුහුදේදි ඇතිවු ගැටුමකින් තුවාල ලැබු ධිවරයන් තිදෙනකු නාවික හමුදාව විසින් ගාල්ල වරායට ගෙනැවිත් අද (18) සවස කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව වරාය පොලිසිය පවසයි. 19 September 2021
පළාත් කීපයකට අදත් විටින් විට වැසි සබරගමුව, බස්නාහිර පළාත්වලත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද (19) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 September 2021
ස්පුට්නික් මාත්‍රා 1 20, 000ක් කටුනායකට රුසියාවේ නිෂ්පාදිත ’’ ස්පුට්නික් - V ’’ එන්නතේ දෙවන මාත්‍රාවට අයත් එන්නත් මාත්‍රා 120,000 ක් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ . 19 September 2021
සෝමාවතිට ඇතුළු වි මාළු ඇල්ලු දේශපාලනඥයකු ඇතුළු 15 අල්ලයි සෝමාවතිය ජාතික වනෝද්‍යානයට ඇතුලු වී මසුන් ඇල්ලූ බව කියන පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි පහලොස් දෙනකු අද සවස 6 ට පමණ අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජිවි වැටලිම් ඒකකය පවසයි. 18 September 2021
‘‘ස්වාධිනව කටයුතු කරන්න බෑ: තනතුරින් යනවා‘‘ පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත. 18 September 2021
පොලොන්නරුවට පෑවිල්ල තද වෙයි පවතින වියලි කාලගුණික තත්වය හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06ක වෙසෙන 30,000කට අධික පිරිසක් මේ දිනවල බීමට ගනු ලබන්නේ බවුසරයෙන් සැපයෙන ජලය බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි. 18 September 2021
කොරෝනා ආසාදිතයන් 1530ක් වාර්තා වෙයි කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,530 දෙනකු අද (18) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි 18 September 2021
කොරෝනා මරණ 84 දක්වා අඩු වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 84 දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය. 18 September 2021
වැඩි මිළට එළවළු වික්කොත් ජංගම වෙළදුන්ගේ බලපත්‍ර අහෝසි කෙරේ ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් පහත බැස තිබිය දී ආසාධාරණ ලෙස ඉහළ මිල ගණන් යටතේ එළවළු අලෙවි කිරීමේ නිරත ජංගම වෙළෙඳුන්ගේ බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා අද (18) පැවසීය. 18 September 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026