පාසල් දරුවන්ට සෞඛ්‍ය අංශයෙන් පණිවිඩයක් පාසල් අද ආරම්භ වුවද සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස සහ උණ පවතින දරුවන් පාසල් යැවීමෙන් වළකින්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි. 06 March 2022
ඇමැති වාසුගෙන් ජනපතිට ලිපියක් කැබිනට් මණ්ඩල රැස්වීම්වලට සහභාගි නොවුණ බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක, ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියකින් දැනුම්දී ඇතැයි වාර්තා වේ . 06 March 2022
පෞද්ගලික බස්වලට ලංගමෙන් ඉන්ධන ඩීසල් හිඟය මධ්‍යයේ පොදු ප්‍රවාහන සේවය අඩාලවීම වැලැක්වීම සඳහා ප්‍රවාහන අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) ඩීපෝවලින් පෞද්ගලික බස් රථවලට ඩීසල් නිකුත් කිරීම ආරම්භ කළේය. 06 March 2022
විමල්ට - උදයට ඇමැති ආරක්ෂාව දිගටම විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ගම්මන්පිල යන මහත්වරුන් ඇමැති තනතුරුවලින් ඉවත් කළද ඔවුන්ට ඇමැතිවරුන් ලෙස ලබාදුන් ආරක්ෂාව දිගටම ලබාදෙන බව රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ. 06 March 2022
වැටලීමට ගිය වන නිලධාරීන්ට කට ගැස්මට මුව මස් වනජීවි නිළධාරින්ට කටගැස්මට මුව මස් ලබා දුන් පුත්තලම නගරයේ හොටල් හිමිකරුවකු හා කළමණාකරු සමග මුව මස් කිලෝ 10 ක් වනජිවි නිළධාරින් විසින් අත් අඩංගුවට ගන්නා ලදි. 06 March 2022
කෝටි 78 හොර දේපොළ තහනම් කරයි නීති විරෝධී වත්කම් සහ දේපල කොට්ඨාසය මගින් රුපියල් කෝටි 78 ක නීති විරෝධී වත්කම් හා දේපල තහනම් කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝහණ මහතා පැවසීය. 06 March 2022
වෙරිමරගාතේ වතුර බටේ කපා තෙල් දාලා අවිස්සාවේල්ල උතුරු කරඳන නෙළුවකන්ද ජල ව්‍යාපෘතියෙන් ජලය බෙදා හරින බට කපා තෙල් මිශ්‍ර කළ සැකකරු ’’රෙක්ස්’’ සුනකයාගේ ඉව ඔස්සේ ගොස් අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි 06 March 2022
බර්ටි සමුගනී ප්‍රවීණ හා ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා අභාවප්‍රාප්ත විය. 06 March 2022
විමල් - උදය පස්සට විසි වෙති විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇමැති තනතුරුවලින් ඉවත් කිරීම සහ ඇමැති මණ්ඩලයේ කිහිපදෙනකුගේ ඇමැති තනතුරු වෙනස්වීම සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේද වෙනසක් කළ බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය. 06 March 2022
ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හමුවෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා අතර විශේෂ සාකච්ඡාවක් 08 සවස 4.00 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ . 06 March 2022
එතෙර රැකියාවලට පුහුණු කරන්න ජපානයෙන් එයි මෙරට තරුණයන්ට ජපානයේ ජපන් රැකියා සඳහා පුහුණු කිරීමට ජපානයේ විශේෂ දූත පරිසක් ලංකාවට පැමිණියහ. 06 March 2022
‘‘ජනතාවගේ ආශාව ඇත්ත දැන ගැනිමයි‘‘ ’’අද රටේ ජනතාව බලන්නෙ මඩ ගැසීමේ දේශපාලනයක් නොව, ජනතාව බලාපොරොත්තු වෙන්නෙ ඇත්තෙන්ම හරි තොරතුරක් දැන ගැනීමටයි. මේ නිසා සමාජ මාධ්‍ය කරනවා නම් රජයට මඩ ගැසීම නොව අද වනවිට පවතින සැබෑ තත්ත්වය ජනතාවට පැහැදිලි කරදීමක් සිදු කරමින් රට යන්නේ කුමන පැත්තකටදැයි යන්න දැනුවත් කිරීමක් කළ යුතුයි ’’ යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ගම්පහදී පැවසීය. 06 March 2022
‘‘දේශපාලන අත්දැකීම් නැත්නම් ගැටළු ඇති වෙනවා‘‘ ’’වරායට නැවක් ඇවිත් තිබුණේ. තෙල් ටික එළියට ගන්න විතරයි තිබුණේ. එවැනි අවස්ථාවල යම් යම් ප්‍රකාශ කිරීම මම හිතන්නේ දේශපාලන වශයෙන අවබෝධයක් නැතිකම හෝ පළපුරුද්දක් නොමැතිකම නිසා තමයි ජනතාව කලබල වෙලා අනවශ්‍ය විදිහට පෝලිම් ඇතිවුනේ’’ යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාරම්මල දී පැවසීය. 06 March 2022
සාමකතා තෙවැනි වටයට සූදානම් යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින්, රුසියාවත් යුක්රේනයත් අතර තෙවැනි වටයේ සාම සාකච්ඡා හෙට (7) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. 06 March 2022
ගුවන් තහංචි දැම්මොත් බලාගෙනයි යුක්රේන ජනාධිපතිවරයාගේ කීමට හිස නමා, යුක්රේනයට ඉහළ අහස රුසියන් ගුවන් යානාවලට තහනම් කළොත්, බටහිර රටවලට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා තිබේ. 06 March 2022
යුක්රේන ජනපතිගේ ඉල්ලීමට ’නේටෝ’ බෑ කියයි යුක්රේනයේ නගරවලට රුසියාව එල්ල කරන ගුවන් ප්‍රහාර නැවැත්වීමේ අරමුණින්, යුක්රේනයට ඉහළ අහස රුසියාවට තහනම් කරන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී නේටෝ සාමාජික රටවලින් ඉල්ලා සිටි නමුත්, නේටෝ නායකයෝ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. 06 March 2022
යුද්ධය දිනන්න යුක්රේනයට පුළුවන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ හමුදා පරාජය කරමින්, යුද්ධය ජය ගන්නට යුක්රේනයට හැකිවනු ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසයි. 06 March 2022
ගින්නෙන් ආහාර ගබඩාව සුන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පිහිටි පුද්ගලික ආහාර තොග ගබඩාවක් සහ හා සිල්ලර ආහාර ද්‍රව්‍ය තොග වෙළදසැලක අය අලුයම ඇතිවූ හදිසි ගින්නකින් වෙළදසැල සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි පොලිසිය කියයි. 06 March 2022
පීඩන අවපාතය දුර්වල වී යයි නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් ශ්‍රී ලංකාවේ කන්කසන්තුර වෙරළ ආසන්නයෙන් පවතින අතර, එය ක්‍රමයෙන් ඉන්දියාවේ උතුරු තමිල්නාඩ් වෙරළට ගමන් කරමින් අඩු පීඩන කලාපයක් දක්වා දුර්වල වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 March 2022
සටන් විරාමය කඩලා යුක්රේනයේ මරියුපෝල් සහ වෙල්නොවාකා නගර වැසියන්ට එම නගරවලින් ආරක්ෂිතව පිටවී යෑමට ඇරැඹූ සටන් විරාමය, යුක්රේනයේ ’ජාතිකවාදීන්’ විසින් උල්ලංඝනය කරනු ලැබුවේ යැයි රුසියාව චෝදනා කරයි. 05 March 2022
’’ ආණ්ඩුවේ සිටින තුරු ඇමැතිවරුන් ආණ්ඩුව රැකිය යුතුයි’’ ආණ්ඩුවේ සිටින තුරු ඇමතිවරුන්ආණ්ඩුව රැකිය යුතු බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසීය. 05 March 2022
ලක්ෂ 33කඅයිස් සමඟ අයෙක් එස්.ටී.එෆ් දැලේ රුපියල් ලක්ෂ 33කට අධික අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ. 05 March 2022
බලශක්ති අර්බුදය ගැන විවාදයක් 10 වැනිදා බලශක්තිය අර්බුදය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විශේෂ විවාදයක් ලබන 10 වෙනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 05 March 2022
විමල්-ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවෙන් ඉවත් කළ 16 ක් ස්වාධින වෙන්න යයි අමාත්‍යධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ ,උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු ,ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක මන්ත්‍රීවරුන් 16 දෙනකු පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 05 March 2022
යුක්රේන නගර දෙකක සටන් විරාම යුක්රේනයේ මරිපෝල් සහ වොල්නෝවාකා යන නගරවල සටන් විරාමයක් ආරම්භ කිරීමට රුසියන් හමුදාව එකග වී ඇත. 05 March 2022
විමල්ට-ගම්මන්පිලට එ.ජ.නි.සයෙන් ආරාධනාවක් විමල් වීරවංශ , උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ පක්ෂවලටද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය ගන්නා ලෙස ආරාධනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ . 05 March 2022
ගිලන් රථ රියදුරුට වෙඩි තැබීමේ සිද්ධියට තවත් දෙකක් මාට්ටු පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන් රථ රියදුරුට වෙඩිතැබීමට පැමිණි යතුරුපැදිය සොයාගෙන සිද්ධියට සහාය දැක්වීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීව අත්බෝම්බයක් සහ ඝාතන සැලසුමට භාවිතා කල ත්‍රීරෝද රථය සමගින් අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි . 05 March 2022
කොවිඩ් සිරුරු ඕනෑම සුසාන භූමියක වැළලීමට අවසර කොවිඩ් වැළඳී මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු මින් ඉදිරියට මෙරට ඕනෑම සුසාන භූමියක වැළලීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවසර ලබා දී ඇත . 05 March 2022
මන්ත්‍රීවරුන්ගෙන් සියයට විස්සක් ’’ඉගෙනුම’’ කියන්න බය වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් ( සියයට විස්සක් පමණ ) සිය අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට ලබාදීම මග හැර ඇතැයි වාර්තා වේ. 05 March 2022
විදුලි බිලට පොලු තැබූ ඇමැති වතුරටත් පොලු තියලා දැනට මියගොස් සිටින මැති ඇමැතිවරුන් විසි පස්දෙනකු ඔවුන් ජීවතුන් අතර සිටියදී සිය නිල නිවාස සහ පෞද්ගලික නිවාස සඳහා ලබාගත් ජලය වෙනුවෙන් ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයට රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවා නැතැයි වාර්තා වේ. 05 March 2022
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026