(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
දහ නව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම් කරගනිමින් ව්‍යවස්ථා කෙටුම්පත් ඉදිරිපත් කිරීම සඳහා දේශපාලන පක්ෂවලට අවස්ථාව ලබාදී පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එකඟත්වයට පැමිණි බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් කතානායකවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතව ඇතැයි ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (18) පස්වරුවේ පැවැත්විණ.
නව අමාත්‍යවරුන් දිවුරුම් දුන් අවස්ථාවේදී පාර්ලිමේන්තුවෙන් ඉටු කළ හැකි කර්තව්‍ය පිළිබඳ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කරුණුද, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා, පක්ෂ නායකයන්ට මෙහිදී ඉදිරිපත් කළේය.
මෙම රැස්වීමට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, වාසුදේව නානායක්කාර, අතුරලියේ රතන හිමි, රනිල් වික්‍රමසිංහ , මනෝ ගනේෂන් , ඩලස් අලහප්පෙරුම , මහින්ද අමරවීර, ටිරාන් අලස්, නිමල් සිරිපාල ද සිල්වා, ගජේන්ද්‍ර පොන්නම්බලම්, ඩිලාන් පෙරේරා, රිසාඩ් බදියුදීන්, ගෙවිඳු කුමාරතුංග , ඒ එල් එම් අතාවුල්ලා. උදය ගම්මන්පිල, එම්. ඒ.සුමන්දිරන්, අසංක නවරත්න, වීරසුමන වීරසිංහ , තිස්ස විතාරණ, මහින්ද අමරවීර යන මන්ත්‍රීවරු ඇතුළු පිරිසක්ද සහභාගීවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd