හොර වීසා වලින් ඉතාලි යන්න ගිය දෙදෙනක් අත්අඩංගුවට කූඨ ලෙස සකස් කළ ඉතාලි නේවාසික වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අද 21 අලුයම කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු දේශ දේශසීමා ආවේක්ෂණ ඒකක නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ . 21 September 2021
අතිවිශාල ඩොලර් ප්‍රමාණයක් ගුවනින් යනවා ශ්‍රී ලංකා රජය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට රටතුළ ඇති ඩොලර් ආරක්ෂා කිරීමට නම් ගුවන්තොටුපළ හරහා රටින් පිටවන අතිවිශාල ඩොලර් ප්‍රමාණය නැවැත්වීමට හැකි ඉක්මණින් පියවර ගතයුතු යැයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය. 21 September 2021
රටට අහිතකර කාබනික පොහොර ටෙන්ඩරය වහා අවලංගු කරන්න රටට අහිතකර කාබනික පොහොර ටෙන්ඩරය වහාම අවලංගු කොට රටට හිතකර කාබනික පොහොර ගෙන්වීමට රජය කටයුතු කළ යුතුව ඇතැයි ද විනාශකාරී පොහොර ගෙන්වීමට සුදානම් වූ පාර්ශවයන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයිද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. 21 September 2021
ජයන්ත කැටගොඩ මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි ජයන්ත කැටගොඩ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද(21) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. 21 September 2021
නාගරික මන්ත්‍රීවරිය කොරෝනාවෙන් මරුට කොවිඩ් 19 වයිසරය ආසාදිතව සිටි වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක ජිවිතක්ෂයටපත්ව ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි. 21 September 2021
‘‘සිරකරුවන්ගේ ඉල්ලීම් අපට ඉටුකරන්න බෑ‘‘ වැලිකඩ බන්ධනාගාර චැපල් වාට්ටුවේ වහලය මත නැග විරෝධතාවයේ නිරත සිරකරුවන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට තමන්ට හැකියාවක් නැතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 21 September 2021
අද විටින් විට ගිගුරුම් සහිත වැසි සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද (21) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 September 2021
‘‘අවංකව සේවය කළ මා පැන්නිමට ඇමැතිවරුන් දෙන්නකු මුල්වෙලා‘‘ සතොස ආයතනයේ දූෂණ වංචා ඇතුලු විවිධ අක්රමිකතාවලට එරෙහිව කටයුතු කිරීමත් සමග කලබලවී ඇති ඇමැතිවරුන් දෙදෙනා තමා එම තනතුරින් ඉවත් කිරීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් අරඹා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය. 21 September 2021
ජනපති හා කුවේට් අගමැති අතර හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් - හමාඩ් අල් - සබා මහතා නිව්යෝර්ක් මෑන්හැට්න්හි දී හමුවිය. 21 September 2021
යුගදනව් බලාගාර ගිවිසුමට ආණ්ඩුවේ හවුල් පක්ෂ 10ක විරෝධය කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සඳහා ගෙන ඇති තීරණයට විරුද්ධවීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් තීරණය කර ඇත. 20 September 2021
ලංකාදීප වෙබ් පුවත ඵලදරයි:ගම්පහ රෝහලට වෛද්‍ය උපකරණ කොරෝනා වයිරසය ආසාදිත රෝගීනට ප්‍රතිකාර කිරිම සඳහා ගම්පහ දිස්ත්‍රික් මහා රෝහලට රුපියල් ලක්ෂ 23ක පමණ වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යා කිරීමට ව්‍යාපාරිකයෙක් අද කටයුතු කළේය. 20 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 673ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 673 දෙනකු අද(20) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 20 September 2021
මත්පැන් අලෙවිය නවත්වන්නැයි මුදල් අමාත්යට ලිපියක් නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට පෙර මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමෙන් ගැටලු රැසක් ඇති වන බවත් මත්පැන් අලෙවිය වහාම නතර කිරීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ. 20 September 2021
“ඇඳිරිනීතිය මැද්දේ බාර් විවෘත කිරීම අනුවණ ක්‍රියාවක්’’ නිරෝධායන ඇඳිරි නීතිය මධ්‍යයේ තැබෑරුම් විවෘත කර මධ්‍යසාර පෝලිම් නිර්මාණය කිරීම නැවත නැවතත් හෙලා දැකිය යුතු පිළිකුල දනවන අවාසනාවන්ත හා අනුවණ ක්‍රියාවක් බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති, ආචාර්ය, වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි. 20 September 2021
ආණ්ඩුව දැන් අලුත් නාට්‍ය පෙන්වනවා පාස්කු ඉරුදින සිදුවූ ඛේදවාචකය ආණ්ඩුව විසින් නැවතත් තම දේශපාලන අවශ්‍යතා සඳහා යොදාගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 20 September 2021
ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබූ කතක් නිදොස් කොට නිදහස් කරයි හෙරොයින් ග්‍රෑම් 2.78ක් සිය සන්තකයේ තබා ගැනිමේ චෝදනා මත කොළඹ මහාධිකරණය මගින් වරදකරු කොට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබ වසර දෙකක කාලයක් සිර දඩුවම් විදිමින් සිටි කාන්තාවක් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත. 20 September 2021
කොවිඩ් මරණ 93ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 93 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (20) තහවුරු කළේය. 20 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 836ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 836 දෙනකු අද (20) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 20 September 2021
“පාර්ලිමේන්තුවෙන් පිටත සිට වැඩකිරීමට සූදානම් වන්න’’ පාර්ලිමේන්තුවෙන් පිටත සිට වුව ද සැලසුම් සහගත වැඩකොටසක් කිරීම සඳහා සූදානම් වන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නිලධාරී මණ්ඩලය ඇතුළු ජ්‍යෙෂ්ඨයන් හමුවේ පැවසීය. 20 September 2021
ෆයිසර් තවත් ලක්ෂ හතළිහක් ශ්‍රී ලංකාවට ෆයිසර් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 40 ක් ලබාදීමට එම සමාගම එකඟ වී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. 20 September 2021
ෆයිසර් ලබාදීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පුහුණුවක් ෆයිසර් එන්නත ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් සඳහා පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. 20 September 2021
‘ලංකා ගෑස්’ නමින් නව සිලින්ඩරයක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව මෙම වසර අවසානයේ සිට ‘ලංකා ගෑස්’ නමින් නව ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොලට සැපයීමට සැළසුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියකු පැවසීය. 20 September 2021
ජනගහනයෙන් සියයට 67කට ’’බූස්ටර්’’ එන්නත් මෙරට ජනගහනයෙන් සියයට 67 කට පමණ ප්‍රමාණයකට ’’බූස්ටර්’’ එන්නත් මාත්‍රාවක් ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් තොග ඇණවුම් කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි. 20 September 2021
‘හරක් කටා ‘ගේ ප්‍රධාන ගෝලයෙක් සී අයි ඩී බාරයට ඩුබායි රාජ්‍යයට ගොස් සැඟවී සිටින දකුණු පළාතේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාගෙන් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත අහංගම ලසන්ත නොහොත් ලසන්ත වික්‍රමසේකර නමැත්තා මාතර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි 20 September 2021
මුල්ම විනය පරීක්ෂණය කළ යුත්තේ සාගරට විරුද්ධවයි ඇමතිවරයෙක් විවේචනය කිරීම හෝ අඩු පාඩුවක් පෙන්වාදීම වරදක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසන්නේ නම් මුලින්ම විනය පරීක්ෂණයක් කළ යුත්තේ ඔහුටම විරුද්ධව යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා අද (20) පැවසීය. 20 September 2021
අනතුරින් පසු තුවාලකරු කැලේ දමා යයි ආණමඩුව කොට්ටුකච්චිය ප්‍රදේශයෙදී වෑන් රථයක ගැටි අනතුරට ලක්වු පුද්ගලයකු රෝහලට රැගෙන යන මුවාවෙන් රැගෙන ගොස් කැලයක දමා ගොස් තිබියදි පැය හයකට පසු සොයාගත් බව ආණමඩුව පොලිසිය කියයි. 20 September 2021
මිස් ටීන් ඉන්ටර්නැෂනල් බොට්ස්වානා කිරුළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යුවතියකට 2021 වසර සදහා වන මිස් ටීන් ඉන්ටර්නැෂනල් බොට්ස්වානා ’’ කිරුළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යුවතියක් වන ගිම්හානි පෙරේරා විසින් දිනා ගන ඇත. 20 September 2021
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දුම්රිය මැදිරි 20ක් ඉන්දීය රජය ශ්‍රී ලංකාවට දුම්රිය මැදිරි 20ක් ලබාදී ඇත. එම මැදිරිවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 82.6කි. 20 September 2021
තුර්කි විදේශ ඇමති නිව්යෝක්හිදී මෙරට විදේශ ඇමති හමුවෙයි තුර්කිය හා ශ්‍රී ලංකාව අතර සබදතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා ඇමෙරිකාවේ නිව්යෝර්ක් හිදී තුර්කි විදේශ අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. 20 September 2021
‘රසායනික පොහොර නැවැත්වීමෙන් ඉදිරි වසර දෙකක වගා කම්මුතුයි’ කිසිදු ඉදිරි සැලසුමක් නොමැතිව රසායනික පොහොර ගෙන්වීම එකවර නතර කිරීම නිසා තේ, පොල්, රබර් ඇතුළු වගාවන්ට සිදුවන හානිය තව අවුරුදු ගණනක් යනතුරු ආපසු හැරවීමට නොහැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 20 September 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026