(යොහාන් භාසුර)

විදුලිබල මණ්ඩලය මේ වන විටත් දිනකට රුපියල් මිලියන 500 ක පාඩුවක් ලබන බව විදුලිබල අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

විදුලිබල මණ්ඩල පරිපාලනයේ වසර ගණනාවක සිට පවතින දුර්වලතා හේතුවෙන් පාඩු ලබන තත්වය නිර්මාණය වී ඇති බවත් පාලකයන් මේ තත්වය අවම කරගැනීමට කටයුතු කළ යුතු බවත් එම නිලධාරියා කීය.