පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද (21) බාරදෙනු ලැබීය. 21 September 2021
බස්රථවලට පසුගිය වසරේ කෝටි 30ක සහන ජාතික ගමනාගමන කොමිෂන් සභාව පසුගිය වසරේ පෞද්ගලික බස්රථ හිමියන්ට රුපියල් කෝටි 30 ක පමණ (මිලියන 300) සහන ලබාදී ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම මහතා පැවසීය. 21 September 2021
“කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව එක්කෝටි තිස්ලක්ෂකට ලබාදීලා’’ ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩසටහන යටතේ මේ වන විට පුද්ගලයින් එක්කෝටි තිස්ලක්ෂකට පමණ පළමු මාත්‍රාව ලබාදී ඇතැයි පුවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවාය. 21 September 2021
සංචාරක ක්ෂේත්රයට දුන් ණය සහන කාලසීමාව මාස 09කින් දීර්ඝ කරයි මෙරට සංචාරක ක්ෂේත්රයට ලබා දී ඇති ණය පමා සහන කාලසීමාව තවත් මාස 09කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. 21 September 2021
කැනඩා අගමැතිට යළිත් ජනවරමක් කැනඩා මහ මැතිවරණයෙන් වත්මන් අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්රමුඛ ඔහුගේ ’ලිබරල්’ පක්ෂය ජයග්‍රහණය කළේය. 21 September 2021
’’සුජීවා’’ ඇතින්න-පැටවා මුල් හිමිකරුට දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි නීතිපති උපදෙස් ප්‍රකාරව අලි ඇතුන් දාහතර දෙනකු මුදා හැරීමට අදාළව උපදෙස් ලැබුණු අංක 206 ’’සුජීවා’’ ඇතින්න සමග ඇගේ පැටවා ද මුල් හිමිකරුටම මුදා හරින ලෙසට නීතිඥවරුන් කර ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (21) ප්‍රතික්ෂේප කළාය. 21 September 2021
හය දෙනකුට දුන් මරණ දඩුවම දෙවැනි වරටත් තහවුරු කරයි පුද්ගලයෙකු මරා දමා තවත් පුද්ගලයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට කොළඹ මහාධිකරණය මගින් වරදකරුවන් කළ පුද්ගලයින් හයදනෙකුට ලබා දී තිබූ මරණ දඩුවම් සහ සිර දඩුවම් දෙවැනි වරටත් අනුමත කළ අභියාචනාධිකරණය ඔවුන් ගොනු කර තිබූ අභියාචන පෙත්සම් ඉවත දැමීමටද නියෝග කරන ලැබ ඇත 21 September 2021
දත්ත මැකී යෑම ගැන ඇමති චන්නගෙන් මැති සබයේදී විශේෂ ප්‍රකාශයක් ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී ගොස් ඇත්තේ පසුගිය රජය සමයේදී කෝටි ප්‍රකෝටි ගණනක් පාඩුවූ ඖෂධ ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව යැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. 21 September 2021
කිරිපිටි - තිරිඟු පිටි - සිමෙන්ති සමාගම්වලට දැඩි කොන්දේසි කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීමේදී අදාල ආනයනික සමාගම්වලට දැඩි කොන්දේසි පැනවූ බවත් ඒවා හුදෙක්ම පාරිභෝගිකයා ආරක්ෂාකරගැනීම සඳහා වන කොන්දේසි පමණක් බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය. 21 September 2021
‘‘කාබනික පොහොර කියා මඩ ගොහොරු ගේන්න හදනවා‘‘ කාබනික පොහොර කියා චීනයේ තිබෙන මඩ ගොහොරුවක් ගෙනෙන්නට හදන බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 September 2021
‘‘මැණිකේ මගේ‘‘ ඇමෙරිකාවටත් යයි නවක ගායිකා යොහානිගේ ගායනයෙන් ජනප්‍රිය වූ සතිෂන්ගේ ගීතයක් වන ’’මැනිකේ මගේ හිතේ’’ ගීතය එක්සත් ජනපදයෙන් ද ඇසෙන්නට පටන් ගෙන තිබේ . 21 September 2021
රිෂාඩ් 5 තෙක් යළි රිමාන්ඩ් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන මස 05 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය. 21 September 2021
“චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා’’ පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාට බලපෑම් එල්ල කළ බවට කරන චෝදනාව ඉතාමත් වගකීමෙන් යුතුව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවත් එම චෝදනාවෙන් රට තුළ වැරදි මතයක් නිර්මාණ වී තිබීම නිසා ඒ මහතාට ඕනෑම මාධ්‍ය ආයතනයක විවෘත සාකච්ඡාවකට ආරාධනා කරන බවත් සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‘ලංකාදීප’යට පැවසීය. 21 September 2021
අලි නිදහස් කළාට තවත් චෝදනාවක් අලි ඇතුන් නිදහස් කිරීමේ සිද්ධියට අදාළ විමර්ශනයේ දී වංචනිකව හෝ හිතා මතා හෝ බලපෑමක් මත තමන්ට පැවරී තිබූ බලතල නිසි ලෙස ක්‍රියාත්මක නොකළ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙස ඉල්ලා පරිසර සංවිධාන කිහිපයක් අද (21) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර ඇත. 21 September 2021
ජනාධිපතිවරයා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කිරීම ගැන සතුටු වෙනවා ජනාධිපතිවරයා සාකච්ඡා සඳහා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කිරීම ගැන තමා සතුටු වන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවැසීය. 21 September 2021
විනිමය කොමිෂන් සභා පනත අද සිට බලාත්මකයි ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා නැමැති පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පෙරවරුවේ සිය සහතිකය සටහන් කළේය. 21 September 2021
කොරෝනා සුව වුණත් සුව නොවන වසංගතයක් ගැන පාඨලී කියයි මූල්‍ය වෙළෙඳපොළට රට විවෘත නොවීම නිසා අද රට බංකොලොත් වීමේ අවදානමක් තිබෙන බවද කොරෝනා සුව වුණත් ආර්ථික අර්බුදය නැමති භයානක වසංගතය රටේ පැතිරී යනු ඇතැයි ද සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 September 2021
බීමතින් රාජකාරි කළ පොලිසියේ දෙදෙනකුගේ වැඩ තහනම් මහේස්ත්‍රාත්වරයකු ගේ නිල නිවසේ බීමතින් ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි බව කියන කටුගස්තොට පොලීසියෙ නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 21 September 2021
’ මහ බැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප දෙනවාද හෙළි කරන්න ‘ මහබැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප දෙනවාද? නැද්ද?යන කාරණය සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයා වහාම පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසීය. 21 September 2021
“ප්රජාතන්ත්රවාදයට ගරු කරමින් ජාත්‍යන්තරය සමඟ අත්වැල් බැඳගන්න ’’ ප්රජාතන්ත්රවාදයට සහ මානව අයිතිවාසිකම් අයිතිවාසිකම් වලට ගරු කරමින් ජාත්‍යන්තරය සමඟ අත්වැල් බැඳ ගනීමෙන් රටේ ඉදිරි ගමන් මග සිදුවිය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පැවසීය. 21 September 2021
’පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා පත්කිරීමේ සිද්ධියට කිසිදු දේශපාලන බලපෑමක් නැ’ පාදුක්ක පොලිස් ස්ථානයට නව ස්ථානාධිපතිවරයෙක් පත්කිරීමේ ක්‍රියාවලියට දී කිසිඳු දේශපාලනයක් ගෑවී නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය. 21 September 2021
‘අසාද් සාලිගේ’ පත්සම සළකා බලන්න දිනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් , තමන්ව නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ඔක්තෝබර් මස 4 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියම කළේය. 21 September 2021
“රටවල් කිහිපයක් තවමත් ලංකාවට සංචරණ සීමා පනවලා’’ ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජර්මනිය, කැනඩාව, ස්පාඤ්ඤය, චීනය, සිංගප්පූරුව යන රටවල් තවමත් ශ්‍රී ලංකාවට සංචරණ සීමා පනවා ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 21 September 2021
කබ්රාල්ට මහ බැංකුව දීම කාවුන්ට රෙදි අල්මාරිය දුන්නා වගේ නිවාඩ් කබ්රාල් මහ බැංකුවට යළි පත් කිරීම කාවුන්ට රෙදි අල්මාරියක් දුන්නා වගේ යැයි සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 September 2021
හිග විදුලිබිල් ගෙවීමට සහනයක් කොවිඩ් තත්වයක් සමග රට තුළ ඇති වී ඇති ආර්ථික පසුබෑම හේතුවෙන් විදුලි බිල්පත් ගෙවීමට නොහැකි වූ විදුලි පාරිභෝගික ජනතාවට හිඟ විදුලි බිල්පත් කොටස් වශයෙන් ගෙවීමට මාස 24 ක සහන කාලයක් දීමට කටයුතු කරන වන බව අද (21) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය. 21 September 2021
’ඖෂධ අධිකාරියේ දත්ත අතුරුදන්වීමෙන් මහජන ආරක්ෂාව අවදානමේ’ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදහන්වීමෙන් රටේ මහජන ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පැවැසීය. 21 September 2021
හිටපු මන්ත්‍රී රංජිත් අලුවිහාරේටත් කොරෝනා මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතාද කොවිඩ් ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 21 September 2021
ෆයිසර් මුලින්ම උසස් පෙළ දරුවන්ට අපොස උසස් පෙළ විභාගයට මෙවර පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ෆයිසර් එන්නත පළමුවෙන්ම ලබාදීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද(21) පැවැසීය. 21 September 2021
රැඳවියෝ සාකච්ඡා ප්‍රතික්ෂේප කරති පොදු සමාවක් ලබාදෙන ලෙස ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ වහලය මත නැඟී විරෝධතාවක නිරතව සිටින දිර්ඝකාලීන සිරදඬුවම් විඳින රැදවියන් දස දෙනකු පමණ සාකච්ඡා ප්‍රතික්ෂේප කරමින් තවදුරටත් වහල මත රැඳී සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනුරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය. 21 September 2021
විදුහල්පති සංගමයේ සභාපති-ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ සාමාජිකාවක් සී.අයි.ඩී යට ශ්‍රී ලංකාවේ ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් පරාක්‍රම වික්‍රමසිංහ මහතා සහ ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ සාමාජිකාවක් අද (21) ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත. 21 September 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026