(නිපුන් ගරුක)

සාමකාමීව විරෝධතා කිරීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඇති අයිතියට බාධාවක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි.

එමෙන්ම රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කණගාටු වන බව ට්විවර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කරයි.

මෙම සිදුවීම පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය අපක්ෂපාතී සහ විනිවිද භාවයෙන් පරීක්ෂණයක් පවත්වනු ඇති බවත් විරෝධතා පවත්වන විට ප්‍රචණ්ඩත්වයෙන් වළකින ලෙස සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව ජනපතිගේ පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.