(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තම ආණ්ඩු කාලයේ ආණ්ඩුවේ තුවක්කු එකක් වත් කිසිම කෙනෙකුට පත්තු වුණේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

තම කාලයේ සයිටම් උද්ඝෝෂණ වැලැක්වීමට යද්දී තුවක්කු ගෙන යන්නට එපා යැයි  පොලිස්පතිට උපදෙස් දී තිබූ බව කී හිටපු ජනාධිපතිවරයා රඹුක්කන  සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරෝධය මෙන්ම ශෝකය  පළ කරන බව සඳහන් කළේය.

"රඹුක්කන වෙඩිතැබීම මා දුටුවේ රූපවාහිනිය බලන විටයි.දුවන මිනිසුන් පිරිසකට පිටුපසින් වෙඩි තබන අයුරු මා රූපවාහිනියෙන් දුටුවා.එවැනි ප්‍රශ්නයක් වූ විට කඳුළු ගෑස් ගැසීම සාමාන්‍ය දෙයක්.මගේ කාලයේ අපරාධකාරයෙකුට වත් තුවක්කු පත්තු වුණේ නැහැ යනුවෙන්ද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.