(අජන්ත කුමාර අගලකඩ)
රටේ මතුව ඇති අර්බුදය විසඳීම සඳහා සියලු පක්ෂ සමග එක්ව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
එම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා කොටුව ජනාධිපති මන්දිරයේදී පෙරදා (19) හමුවී මේ සම්බන්ධයෙන් ලිපියක් ද බාරදී ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.
පොදුජන පෙරමුණෙන් අගමැතිවරයකු හා ,සියලු පක්ෂ නියෝජනය වන කැබිනට් මණ්ඩලයක් පත් කරන ලෙසද එම මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කර ඇත.
මෙම මන්ත්‍රීවරුන් 13 ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පිරිසක් බව ද දැනගන්නට ඇත.
අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් තමන්ට ද හෘද සාක්ෂිය අනුව තීන්දු තීරණ ගැනීමට සිදුවනු ඇතැයි එම මන්ත්‍රීවරුන් ලිපියෙන් දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැති පට්ටමක් හම්බවෙලා නැති අය වෙන්නැති.