
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාගේ දෙනියාය කලුගලහේන ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටට අද දහවල් විරෝධතාවක් පැවැත්විණි.
මන්ත්‍රීවරයාගේ නිවස අවට ආරක්ෂාවට දැඩි පොලිස් රැකවල් යොදවා තිබු අතර පොලීසියේ සහායට පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැදවා තිබුණි.
රජයට එරෙහිව දෙනියාය නගරය මධ්‍යයේ උද්ඝෝෂණ නිරත වු විරෝධතාකරුවන් පළමුව නිපුණ රණවක මහතාගේ පක්ෂ කාර්යාලය ඉදිරිපිටට ගොස් විරෝධය දක්වනු ලැබීය.
ඉන් අනතුරුව ඔවුන් විරෝධතා පා ගමනකින් 51 හංදියට ගොස් පසුව කලුගලහේනේ පිහිටි නිපුණ රණවක මහතාගේ නිවස ඉදිරිපිටට ගොස් තිබුණි.
පසුව පිරිස එම ස්ථානයේ කෑ කෝ ගසමින් විරෝධය දක්වා අදහස් දැක්වීමක් ද සිදු කර විසිර ගියේය.
එම අවස්ථාවේ නිපුණ රණවක මහතාගේ ගෙවත්තේ සිටි සුරතල් අලි පැටවා විරෝධතාකරුවන් දෙස බලමින් හොඩය වනිමින් රංගනයක නිරත වු බව කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර හදන සතා වුණත් තමන්ගේ ස්වාමියා වැරැදියි කියනවා වගේනේ අලි පැටියා හැසිරිලා තියෙන්නේ..
කොහොමද වැඩේ? අලි පැටියෙකුත් හදනවා එහෙනම්.. පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා අවුරුදු දෙකයි....