සී.අයි.ඩි. හිටපු ලොක්කාගෙන් අයිතිවාසිකම් පෙත්සමක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශ වාර්තා අනුව පියවර නොගැනීම ඇතුළු චෝදනා ගණනාවක් ඉදිරිපත් කරමින් රහස් පොලීසිය කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කොට ඇති බී වාර්තාව මත පදනම්ව තමන්ව අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් සහ රුපියල් කෝටි දහයක 10 ක වන්දි මුදලක් ලබා දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්ස 07 March 2022
විදේශීය ශ්‍රමිකයන්ට සේවා සැලසීම සඳහා නව ජංගම යෙදවුමක් විදේශ රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදෙන සේවාවන් තවදුරටත් පුළුල් කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින්ය slbfe e connect යනුවෙන් නව ජංගම යෙදවුමක් හඳුන්වා දී ඇත. 07 March 2022
‘පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සමක් විභාගයට අවසර‘ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රි ලංකා මුහුදු තීරය ආසන්නයේ ගිනිබත් වීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති කොමිසමක් පත්කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනුකරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) අවසර ලබා දුන්නේය. 07 March 2022
‘බාහාලුම් ප්‍රවාහන රථ 4000 ක් ධාවනයෙන් ඉවතට‘ ඩීසල් නොමැති වීමෙන් බහාලුම් ප්‍රවාහන රථ 4000 ක් පමණ තවදුරටත් ධාවනය නොවන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළේය. 07 March 2022
කටුවෙල රජමහා විහාරයක ඓතිහාසික සිරිපතුල උස්සං ගිහින් කටුවෙල, මෙත්තජී පුරාණ රජමහ විහාරස්ථානයේ තිබු වසර 1200 ක් පැරණි ඓතිහාසික වටිනා කමකින් යුක්ත කිරිගරැඩ ගලෙන් නිමවු කිලෝ 300ක් පමණ බරැති සිරිපතුල කිසිවෙකු විසින් ඊයේ (06)දින සොරා ගෙන ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය කියයි. 07 March 2022
ඉන්ධන හිඟය නැතිකර පෙන්නන්න ඉන්ධන හිඟයක් ඇති වුණේ ඉන්ධන දින දෙක තුනකින් නැති වන්නේ යැයි හිටපු බලශක්ති අමාත්‍යවරයා කළ ප්‍රකාශ නිසා යැයි ආණ්ඩුවේ ඇතමුන් කරන ප්‍රකාශ පිළිබඳව කණගාටු වන බවත් එය එසේ නම් ඉදිරියේදී ඉන්ධන හිඟය සියයට 100 ක් නැති කර පෙන්න ලෙස අභියෝග කරන බවත් හිටපු කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය. 07 March 2022
තවත් ආයතන දෙකක් මේ සතියේ කෝප් කමිටුව ඉදිරියට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහ සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරියේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව ) හමුවට මේ සතියේදී කැඳවීමට එම කමිටුව තීරණය කර ඇත. 07 March 2022
රන්ජන්ට නිදහස ඉල්ලා උද්ඝෝෂණයක් වසර එකහමාරකට පෙර සිරගත කොට සිටින ගම්පහ තිස්සේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරික සංගමය ඇතුළු සිවිල් සංවිධාන එක්ව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (07) කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට ඉදිරිපිට පැවැත්විණි. 07 March 2022
බැසිල් පාරේ ලයිට් නිවයි විදුලිය පිරිමැසීම සඳහා මාර්තු 31 වැනිදා දක්වා සියලුම පළාත් පාලන ආයතනවල වීදි ලාම්පු අක්‍රීය කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. 07 March 2022
මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව විවෘත කරයි හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ ඉදිකෙරුණු මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පෙරවරුවේ සුබ මොහොතින් විවෘත කරනු ලැබීය. 07 March 2022
විමල්ට එරෙහි නඩුව මැයි 20ට කල් යයි එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනකුට එරෙහි නඩුව ලබන මැයි මස 20 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (07) නියෝග කළේය. 07 March 2022
හෝටල්-ආපන ශාලා-බේකරි සියයට 60 ක් වැහිලා රටපුරා පවතින ගෑස්, පාන් පිටි හිඟය සහ විදුලිය කප්පාදුව හේතුවෙන් හෝටල්, ආපන ශාලා සහ බේකරිවලින් සීයට 60 ක පමණ ප්‍රමාණයක් වසා දමා ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමය සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කරයි. 07 March 2022
’’රාජා’’ ජාතික වස්තුවක් ලෙස නම් කරයි නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බුද්ධ ශාසන හා ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට ඊයේ උපදෙස් දුන්නේය. 07 March 2022
’’රාජාට’’ ගෞරව දක්වන්න මහසෙනගක් මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කළ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7) අලුයම 5.30 පමණ මියගොස් ඇත. 07 March 2022
‘මොළ හතේ ඇමති ෆේල්‘ මොළ හතේ මුදල් ඇමති කිසිදු ආර්ථික දැනීමක් නැති ඉතිහාසයේ අසාර්ථකම මුදල් ඇමති ලෙස ඉතිහාස පොතට එක් වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 07 March 2022
ස.ජ.බ ට කුණු බිත්තර ප්‍රහාරයක් ඇතුළුකෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට මීට මොහොතකට පෙර කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබේ. 07 March 2022
යුක්රේන තරුණියක් කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක යුක්රේන ජාතික නරුණියක් කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතා පුවරුවක් ප්‍රදර්ශනය කරමින් සාමකාමී ආකාරයට රුසියානු රජයට මේ මොහොතේදී විරෝධය පළ කරමින් සිටින්නීය. 07 March 2022
මිය ගිය යාචකයාගේ මුදල් ගැන තීරණයක් ගන්න නීතිපතිගේ උපදෙස් ඉල්ලයි හක්මන කෝංගල ප්‍රදේශයේදී පසුගියදා හදිසියේ මිය ගිය යාචකයා සන්තකයේ තිබු රුපියල් තුන්ලක්ෂඅසූ හතර දහස් අටසිය හැට හතක (384,867.00) පමණ මුදල පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනිම සදහා නිතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇතැයි හක්මන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පවසයි. 07 March 2022
බෝට්ටු පලහිලව්වට මල්ලී අයියා මරලා කොග්ගල මෝදරගොඩදි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවු ආරවුලක් දුර දිග යාම හේතුවෙන් මල්ලි විසින් අයියාට පහරදි කොග්ගල ඔයට දමා ඝාතනය කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 07 March 2022
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක් මිල වසර 14කට පසු ඇමරිකානු ඩොලර් 130ක් ලෙස ඉහළම අගයක් වාර්තා කර තිබේ. 07 March 2022
කෝටියක අයිස් සමඟ පුද්ගලයෙක් මාට්ටු රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් මන්නාරම තාරපුරම්, ඉන්ධන පිරවුම්හල අසල දී අත්අඩංගුවට ගනු ලැබීය. 07 March 2022
අඩු පීඩනය දුර්වල වෙයි නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල වෙමින් ඇති අතර කාලගුණය කෙරෙහි වූ එහි බලපෑමද අඩුවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 March 2022
තෙල් සංස්ථාව සී.සී.ටී.වීවලට ලක්ෂ 500ක් වැය කරලා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෝටි පහක මුදලක් වැයකර ආරක්ෂක කැමරා සවිකර ඇති බව එම සංස්ථා ආරංචි මාර්ග කියයි. 07 March 2022
යුක්රේන ජනපති ඇමෙරිකන් ජනපති අමතයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර දුරකතන සංවාදයක් පැවැත්විණි. එහිදී රුසියාවට තව තවත් සම්බාධක පැනැවිය යුතු යැයි යුක්රේන ජනාධිපතිවරයා ඇමෙරිකන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. 07 March 2022
ආර්ථික වර්ධනය වේගවත් කරන්න සභාවක් ආර්ථික කළමනාකරණය හරහා මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ආර්ථික සභාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබ ඇත . 06 March 2022
මතුගම තිදරු මව ඝාතනයේ සැකකරුවෙක් මාට්ටු මතුගම තිදරු මවක වෙඩිතබා ඝාතනය කිරීම සැලසුම් කළ බව කියන පුද්ගලයකු අද (06) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි . 06 March 2022
වාහන ගෙන්වීම නතර කළත් ගිය වසරේ විසිහත්දාහක් ගෙන්නලා මෝටර් වාහන ආනයනය සීමා කිරීමෙන් ආනයන මත නිෂ්පාදන බදු ආදායම රුපියල් බිලියන 49.1කින් අඩුවී ඇතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කරයි. 06 March 2022
මන්ත්‍රී ශාන්ත ඩොලර් අර්බුදයට විසැඳුම් කියයි රට තුළ පවතින ඩොලර් අර්බුදයට ක්ෂණික විසඳුම් ලබාගත හැකි යෝජනා තුනක් තමන් විසින් ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු බලධාරීන්ට යොමු කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 06 March 2022
කොරෝනා මරණවල අඩුවක් පෙන්වයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 10 දෙනකු ඊයේ (5) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (6) තහවුරු කළේය. 06 March 2022
විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත ඉල්ලා අස්කර ගනී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීමට රජය තීරණය කර ඇත. 06 March 2022
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026