මුල්ම විනය පරීක්ෂණය කළ යුත්තේ සාගරට විරුද්ධවයි ඇමතිවරයෙක් විවේචනය කිරීම හෝ අඩු පාඩුවක් පෙන්වාදීම වරදක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසන්නේ නම් මුලින්ම විනය පරීක්ෂණයක් කළ යුත්තේ ඔහුටම විරුද්ධව යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා අද (20) පැවසීය. 20 September 2021
අනතුරින් පසු තුවාලකරු කැලේ දමා යයි ආණමඩුව කොට්ටුකච්චිය ප්‍රදේශයෙදී වෑන් රථයක ගැටි අනතුරට ලක්වු පුද්ගලයකු රෝහලට රැගෙන යන මුවාවෙන් රැගෙන ගොස් කැලයක දමා ගොස් තිබියදි පැය හයකට පසු සොයාගත් බව ආණමඩුව පොලිසිය කියයි. 20 September 2021
මිස් ටීන් ඉන්ටර්නැෂනල් බොට්ස්වානා කිරුළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යුවතියකට 2021 වසර සදහා වන මිස් ටීන් ඉන්ටර්නැෂනල් බොට්ස්වානා ’’ කිරුළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යුවතියක් වන ගිම්හානි පෙරේරා විසින් දිනා ගන ඇත. 20 September 2021
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දුම්රිය මැදිරි 20ක් ඉන්දීය රජය ශ්‍රී ලංකාවට දුම්රිය මැදිරි 20ක් ලබාදී ඇත. එම මැදිරිවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 82.6කි. 20 September 2021
තුර්කි විදේශ ඇමති නිව්යෝක්හිදී මෙරට විදේශ ඇමති හමුවෙයි තුර්කිය හා ශ්‍රී ලංකාව අතර සබදතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා ඇමෙරිකාවේ නිව්යෝර්ක් හිදී තුර්කි විදේශ අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. 20 September 2021
‘රසායනික පොහොර නැවැත්වීමෙන් ඉදිරි වසර දෙකක වගා කම්මුතුයි’ කිසිදු ඉදිරි සැලසුමක් නොමැතිව රසායනික පොහොර ගෙන්වීම එකවර නතර කිරීම නිසා තේ, පොල්, රබර් ඇතුළු වගාවන්ට සිදුවන හානිය තව අවුරුදු ගණනක් යනතුරු ආපසු හැරවීමට නොහැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 20 September 2021
මත්තලට අලුතින් එන ජාත්‍යන්තර ගුවන් සේවාවලට සහන පැකේජයක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කාලසටහන් ගත ගුවන් මෙහෙයුම් ආරම්භ කරන ගුවන් සමාගම් සදහා විශේෂ සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (20) පැවසීය. 20 September 2021
එල්.එන්.ජී. ගිවිසුම අස්සන් කළ අය බකමූණන්ද? ආන්දෝලනාත්මක තත්වයකට පත්ව තිබෙන කෙරවලපිටිය එල්.එන්.ජී. විදුලි බලාගාරය සම්බන්ධ ගිවිසුම පසුගිය 17 වැනිදා මධ්‍යම රාත්‍රීයේ අස්සන් කර ඇති බවත් එම ගිවිසුම අස්සන් කළ අය බකමූණන් දැයි ජනාතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කරයි. 20 September 2021
බදු නියෝග 15ක් හෙට මැතිසබයට බදු නියෝග පහළොවක් සහ ආනයන අපනයන රෙගුලාසි කිහිපයක් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට හෙට (21) ඉදිරිපත් කෙරේ. 20 September 2021
කුඹුර ඉල්ලා මව-පියට ගැසූ ප්‍ර.සභා මන්ත්‍රී පුතා තමා නමට කුඹුර ලියා දෙන්නැයි බල කරමින්වැලිගම ඉබ්බාවල ප්‍රදේශයේ පිහිටි සිය සහෝදරයාගේ නිවසට පැන වයස්ගත මවට,පියාට හා නෑනාට පොල්ලකින් පහර දී තුවාල සිදු කළ බව කියන වැලිගම ප්‍රාදේශීයසභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු සැක පිට අත්අඩංගුවටගැනීම සදහා පරීක්ෂණ පවත්වන බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි. 20 September 2021
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 25ක් ඒ.එස්.පී නිලයේ වැඩ බැලීමට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 25 දෙනෙක් සහකාර පොලිස් අධිකාරි නිලයන්හි තාවකාලිකව රාජකාරි ආවරණය සඳහා පොලිස්පතිවරයා විසින් යොදවනු ලැබ සිටිති. 20 September 2021
හිරමන පහරින් සැමියා එලොව යැවූ බිරිය අල්ලයි යාපනය පුම්බුහාර් ප්‍රදේශයේ නිවසක අඹුසැමි ආරවුකදී සැමියා ඝාතනය කලේ යැයි සැක පිට බිරිඳ අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි. 20 September 2021
ජනපති එක්සත් ජාතින්ගේ මහලේකම් හමුවෙයි ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ පැවැසීය. 20 September 2021
හැටන් වැවේ ගිලි දෙකක් මරුට හැටන් වටවල ලොනැක් වතුයායේ පිහිටි වැවෙහි දිය නැමට ගොස් තරුණයක් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 20 September 2021
පියාට එල්ල කළ වෙඩි පහරින් 15 හැවිරිදි පුතා මරුට වීරකැටිය ගජනායක ගම ප්‍රදේශයේදී වෙඩි වැදීමෙන් වයස අවුරුදු 15 ක පිරිමි ළමයකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි. 20 September 2021
‘‘ෆයිසර්“ එන්නත් 73000ක් කටුනායකට ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය සදහා යොදා ගැනීමට, මෙරිකාවේ ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා 73,000 ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ. 20 September 2021
අද දවසේ කාලගුණය සබරගමුව, බස්නාහිර පළාත්වලත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද (20) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 September 2021
ඉතාලි සංචාරය අවසන් කර අගමැති යළි පැමිණෙයි ඉතාලියේ පැවති ජී.- 20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිසෙන්,ඉතිරි පිරිස අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 20 September 2021
කැකිරාවේ රටබීම අලෙවි හල් හයකට සීල් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් සුරා සල් හයකට මුද්‍රා තබා ඇතැයි කැකිරාව පොලිසිය කියයි. 20 September 2021
කොරෝනා රෝගී වාට්ටු හිස් වෙයි මේ වන විට කොවිඩ් රෝගීන් සහ කොවිඩ් හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන අතර රෝහල්වලට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේ ද කැපීපෙනෙන අඩුවීමක් පවතී. 20 September 2021
ස්පුට්නික් දෙවැනි මාත්‍රාව හෙට සිට ඇරඹේ ස්පුට්නික් එන්නත පළමු මාත්‍රාව ලෙස ගත් අයට දෙවැනි එන්නත ලබාදීම හෙට(20) සිට ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය . 19 September 2021
රජය යන පාර වෙනස් නොකළොත් ප්‍රශ්න රැසකට පාර කැපේවි රජය ගමන් කරන මාවත දැන්වත් වෙනස් නොකළොත් ඉදිරියේදී රටට බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 19 September 2021
දත්ත මැකීම ගැන පරික්ෂණයක් ඉල්ලයි ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාමේ සිද්ධිය පිටුපස සිටින මහමොළකරුවන් කවුද යන්න පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා මිනීමරු ඖෂධ මාෆියාවට එරෙහි ජනතා එකමුතුවේ සභාපති පාහියංගල ආනන්ද හිමියන් ඇතුළු පිරිසක් අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් කළහ. 19 September 2021
ජපානය ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කරයි මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 6ක සිටි පැමිණෙන සංචාරකයින් සඳහා ජපානයට ඇතුළ වීම තහනම් කරමින් පනවා තිබූ සංචාරක තහනම අද (20) සිට ඉවත් කිරීමට එරට රජය පියවර ගෙන ඇතැයි ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී. 19 September 2021
කොරෝනා මරණ 103ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 103 දෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය. 19 September 2021
ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා වයිරසයේ අලුත් තත්ත්වය ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 19 September 2021
කොරෝනා ආසාදිතයන් 1297ක් වාර්තා වෙයි. කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,297 දෙනකු අද (18) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 19 September 2021
පිටකොටුවේ වෙළෙන්දෝ විරෝධතාවක මත්පැන් අලෙවි සැල් විවෘත කිරීමට අවසර දිය හැකිනම් පිටකොටුවේ ඇති වෙළඳසැල් ද විවෘත කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා එක්සත් ජාතික ස්වයං රැකියා සංගමය සංවිධානය කළ විරෝධතාවයක් කොටුව දුම්රියපල ඉදිරිපිටදී අද (19) පැවැත්විණි. 19 September 2021
ගුරුවරුන්ට 5000 ගැසට්ටුව එයි ගුරුවරුන්ට මසකට රුපියල් 5000ක අමතර දීමනාවක් ලබාදීමේ චක්‍රලේඛය නිකුත් කළ බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. 19 September 2021
වෙළෙඳපොළේ ගෑස් හිඟයක් වෙළෙඳපොළේ යළිත් ගෑස් හිඟයක් මතුව ඇතැයි වෙළෙඳපොළේ ආරංචි මාර්ග සඳහන ්කරයි. 19 September 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026