
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පාලනය කරගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය ගෙන ඇති ක්‍රියාමාර්ග ඇගයිය හැකියි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත.
මුදල් අමාත්‍ය අලි සබ්‍රි ඇතුළු දූත පිරිස සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජියාවේ අතර සාකච්ඡාවක් ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍යස්ථානයේ දී අද (19) පැවැත්විණි.
වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් තිරසර විසඳුමක් කරා ශ්‍රී ලංකාව ගමන් කරනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙහිදි විශ්වාසය පළ කර තිබේ.
මෙම සාකච්ඡාවලදී විස්තීරණ ණය පහසුකමක් සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වා ඇත.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd