(අංජුල මහික වීරරත්න)

කැබිනෙට්ටුවේ උඩතට්ටුවේ සිටි අය පහළ තට්ටුවට දමා පහළ තට්ටුවේ සිටි අය ඉහළ තට්ටුවට දැමීමෙන් රටේ පවතින ගැටළු විසදෙන්නේ නැතැයි ඉන්ධන මිල ඉහළයාමෙන් මනාවට පැහැදිලි වූවේ යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

පෙට්‍රල්, ඩීසල් මිල ඉහළ දැමීම නිසා රටේ භාණ්ඩ හා සේවාවන්ගේ මිල දෙගුණයකින් යළිත් වරක් ඉහළ යනු ඇතැයි ද පෙන්වා දුන් නියෝජ්‍ය නායකවරයා මිල වැඩිවීමට එරෙහිවත්, ඉන්ධන නොමැතිවීමටත් එරෙහිව මේ වන විට මහජනතාව පාරට බැස ඇතැයි ද කීවේය.

නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙම අදහස් පළ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (19) පැවැති පක්ෂ ක්‍රියාකාරී හමුවකට එක්වෙමිනි.