(යොහාන් භාසුර)
ජනතාව ඉල්ලා සිටින ආකාරය ව්‍යුහයක් ඇති කරන්නේ නම් රටේ පාලන වගකීම භාරගැනීමට සූදානම් බවත් වසර එකහමාරක් තුළ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
ජනාධීපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉවත්වී ජනතාව බලාපොරොත්තු වන ආකාරයේ පාලනයක් ඇතිකළ යුතු මෙන්ම එවැනි වෙනසක් ඇති කරන තෙක් කිසිවෙකුට පාලනය භාරගත නොහැකි යැයි රනිල් වික්‍රමසිංහ මහතා කී බවත් විජේරත්න මහතා සඳහන් කළේය.
පෞද්ගලික පොදු ප්‍රවාහන සංගම් නියෝජිතයින් සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර කොළඹ මල්පාරේ පිහිටි නිවෙසේදී පසුගියදා පැවැති සාකච්ඡාවකදී හිටපු අග්‍රාමාත්‍යවරයා එසේ පවසා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒතුමා කොච්චර පරණ වුනත් පරිණත දේශපාලනඥයෙක් නෙවෙයි. ජනතාව ඉල්ලා සිටින ආකාරයේ ව්‍යුහයක් ඇතිකරන්න තියා ජනතාව ඉල්ලන ආකාරය මොකක්ද කියලාවත් නොදන්න නිසා තමයි බලය ලැබුනු හැම අවස්ථාවකදීම නිසි කාලයට කලින්ම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුනේ. අනිත් එක ජනතාව කියන්නේ ඔතන පාරෙ ඉන්න කණ්ඩායම විතරක් නෙවෙයි. පාරෙ බහුතරය දැන හෝ නොදැන වැඩ කරන්නේ දේශපාලන අවශ්‍යතා හො විදෙස් අවශ්‍යතා මත. සැබෑ ජන මතය පිලිබිබු වන්නේ විධිමත් මැතිවරනයකින් පමණි. ඒම මැතිවරණය ව්‍යවස්ථානුකූලව නිසිකලට පැවැත්විය යුතුය. එතුමා රට භාරගන්න කැමති බව අපිට කියන කෙනාත් ජනතාවාදී අයකු හෝ ජනමතය නියෝජනය කරන්නකු හෝ නොවෙයි. ජනතාව යැයි කියනා හැමෝම නීතීඥයන් පවා නීත්‍යානුකූල නොවන ඉල්ලීම් ඉදිරිපත් කලත්, ව්‍යවස්ථාවේ වෙනස් විය යුතු තැන් මොනවද කියලවත් කියන්නේ නැහැ. අපේ රටේ විධායක ජනපතික්‍රමය ගෙඩි පිටින් ඉවත් කරහම වෙන්නේ විදෙස් බලවේග සල්ලි විසිකරන හැම වෙලාවෙම ආණ්ඩු මාරු වෙවී රට අස්ථාවර වෙන එක විතරයි. කවුරුවත්ම කියන්නේ නැහැ මන්ත්‍රී වරප්‍රසාද නැති කල යුතුයි කියලා. දූෂණය නැති කරන යාන්ත්‍රණය මොකක්ද කියලාවත් යෝජනා කරන්නේ නැහැ. අවස්ථාවාදීන් රට බෙදන්න මාන බලනවා.
අවුරුදු 74 ක් කට්ටිය කලේ . අනේ නිකා ඉන්න . කාගෙත් කෙරැවාව නිසා තමා අපිත් මෙහි ඉන්නෙ,
රනිල්ට රට භාර දීල මතකනේ යහපාලන ආන්ඩුවෙ වෙච්ච දෙය? නඩු දාපු කම්බ හොරැ ඔක්කොම බේරල රටම සම්පුර්ණයෙන්ම අනාත කරල UNPයත් පොලොවට සමතලා කරල රටේ ජනතාව රනිල්ව කුනු බක්කියට දැම්ම.අම්මෝ ඒ මෝඩ කමනම් ආය් කරන්න එපා.
නැවත රනිල් ආවොත් සුපුරුදු පරිදි හොරුන්, දුෂිතයන් ආරක්ෂා කරාවි. ඔහු එදා කල වැරැද්ද නිසා තමයි අද මෙවැනි දුෂිත අසාර්ථක පාලකයෝ බලයට ආවේත්. හොරකම් කරන එක සහ හොරුන් ආරක්ෂා කිරීම දෙකම රටට පාපකර්මයක්. ජනතාව නැවත රාජපක්ෂලා හෝ රනිල් හෝ සජිත් හෝ මෛත්‍රීව හෝ නොවේ ඉල්ලන්නේ. සැබෑ අවංක වෙනසක් ඉල්ලන්නේ.