
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ගුවන්යානා තවත් විසි එකක් ලබාගැනීමට කටයුතු කරගෙන යන බවට පළවී ඇති වාර්තාව සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට(කෝප් ) හෙට (20) කැඳවන බව එම කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.
තමා මේ සම්බන්ධයෙන් අද විගණකාධිපතිවරයා සමගද සාකච්ඡා කළ බව මහාචාර්යවරයා කීවේය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීන් සමග පවත්වන සාකච්ඡාවෙන් පසු ඒ පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබාදීමට කටයුතු ලබාදීමට කටයුතු කරන බවද චරිත හේරත් මහතා පැවසුවේය .
මෙහිදී අදහස් දැක්වූ ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී .වී චානක මහතා පැවසුවේ එවැනි ගුවන් යානා ලබා ගැනීමක් සිදු නොවන බවයි.
" මේ වෙන්නේ රිප්ප්ලේස්මන්ට් එකක්. රජයෙන් සත පහක්වත් ඒකට වියදම් වෙන්නෙ නැහැ" යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd