(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සහරාන් හෂීම් නමැති ත්‍රස්තවාදී නායකයාගේ වාහනය මහජන ආරක්ෂක හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා පාවිච්චි කරන බවට ආරංචියක් පැතිරෙන හෙයින් වීරසේකර මහතා ඒ ගැන පිළිතුරක් ලබාදිය යුතු බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසරය ඇතුව විශේෂ ප්‍රකාශයක් කරමිනි.
සහරාන්ගේ වාහනය සරත් වීරසේකර මහතා පාවිච්චි කරන බවට වාර්තාවක් පළවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්නැයි සරත් වීරසේකර මහතාගෙන් ඉල්ලා සිටින බවත් ප්‍රනාන්දු මහතා කීවේය.
ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍යවේදියකු මේ පිළිබඳ තොරතුරු මුහුණු පොතේ පළ කර ඇති බව කී මන්ත්‍රීවරයා එම වාහනයේ ඡායාරූප පවා එහි සඳහන් වන බවද ප්‍රකාශ කළේය.
මේ ප්‍රචාරය සරත් වීරසේකර මහතාට හොඳ නැතැයි හරින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.
හරීන් ප්‍රනාන්දු මහතා මේ ප්‍රකාශය කළ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් කෑකෝ ගැසීම නිසා සභාවේ උණුසුම් තත්වයක් ඇතිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd