
(නිමල කොඩිතුවක්කු සහ යොහාන් භාසුර)
තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් පාන් ගෙඩියක මිල අද(19) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 30 කින් සහ සෙසු බේකරි නිහ්පාදන මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව පාත් රාත්තලක නව මිල රුපියල් 150ක් වන බව ඔහු පැවසීය.
තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවන බවත් හෙතෙම කීවේය.
මේ අතර බත් පාර්සලයක සහ කොත්තුවක මිල රුපියල් 20 කින් හෝ 30 කින් ඉහළ දැමීමට සිදුවන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.
කෙටි ආහාර, ආප්ප සහ ප්ලේන්ටියක මිල ඉහළ දැමීමට තීරණයක් ගෙන නොමැති බවත් ඔහු තවදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd