
දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට හදිසි මානුෂීය ආධාර ලබා දීමට චීන රජය තීරණය කර ඇතැයි චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනයේ ප්‍රකාශකයෙක් අද(19) ෂින්හුවා පුවත් සේවයට පැවසීය.
"ශ්‍රී ලංකාව චීනයේ මිත්‍ර අසල්වැසියෙක් ,අපිට ශ්‍රී ලංකාව මුහුණදී සිටින උග්‍ර ආර්ථික අර්බුදය පිළිබඳ අවබෝධයක් තියෙනවා ඒ නිසා චීන රජය තීරණය කරලා තියනවා ශ්‍රී ලංකාවට හදිසි මානුෂීය ආධාර ලබා දීමට,අපි ලබා දෙන ආධාර ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් දුෂ්කරතා මග හරවා ගැනීමට උදව්වක් වේවි"යැයි චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනයේ ප්‍රකාශක සූ වෙයි ප්‍රකාශ කළේය.
"අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකාවට මේ තාවකාලික දුෂ්කරතා වලින් ගොඩ එමින් ආර්ථික හා සමාජීය ස්ථාවරත්වය සහ සංවර්ධනය පවත්වා ගැනීම පුළුවන් වෙයි කියලා" සූ වෙයි වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
වර්තමානයේ ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින බවත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ,ඉන්ධන සහ විදෙස් සංචිත හිගයකට මුහුණ පා සිටින බව ෂින්හුවා පුවත් සේවය වාර්තා කළේය.
(විමුක්ති එස් රුද්‍රිගු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව චීනාට ලියලා දුන්නා නම් ඉවරයි. අපේ කාලකන්නි දේශපාලන පක්ෂ රට කොල්ලකන එක මිස පාලනය, දියුණුව ගැන දන්නේ නැත. බ්‍රිතාන්‍ය පාලනය මීට වඩා ලක්ෂ වාරයක් සාර්ථකයි. එකල ලංකාව ධනවත්ම රටක්. සිවිල් පාලනය බලවත්. අද නීච හොර පවුල්ගස් බලවත්...
ඒකත් හොරකම් කරයි...