(ඉන්දිකා රාමනායක)

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට   විරෝධය දක්වමින් ගාලුමුවදොර ආරම්භ කර ඇති නිර්පාක්ෂික විරෝධතායේ  නිරතව  සිටි පුද්ගලයන් 15  දෙනකු  විවිධ අනතුරු වලට ලක්ව  කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව  එම රෝහල් ආරංචි  මාර්ග පවසයි.

ඉකුත් (09)  දින සිට ඊයේ (18) දක්වා කාලය තුළ මෙම පිරිස අනතුරට ලක්ව ඇති  බව   රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම  පිරිස අතර පිරිමි පුද්ගලයන් 13 දෙනෙකු හා කාන්තාවන් තුන්දෙනෙක්    සිටින බවද එම ආරංචි මාර්ග පවසයි.

පිහි ඇනුමකට ලක්ව, උඩින් පැනීමට ගොස් වැටීමෙන්ල  ලිස්සා වැටීමෙන්ල අධික බර  ඉසිලීමේන් කොන්දට හානි වීමෙන්ල කෑම පිසීමට ගොස් පිළිස්සීමෙන්ල ඇතුලු විවිධ අනතුරු වලින් මෙම පිරිස තුවාල  ලබා  ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

පිහි ඇනුමකින් තුවාල ලබා ඇත්තේ පාසල් සිසුවෙක් බවත්. ඔහු තවත් සිසුන් පිරිසක් සමග පැමිණ සිටියදි ඇති වු බහින් බස්වීමක් දුරදිග යාමෙන්   එම සිසුවා පිහිඇනුමට ලක්ව ඇති බවද  රෝහල් ආරංචි මාර්ග පවසයි.

විරෝධතාකරුවන් වෙනුවෙන්  ගීත ගායන කරමින් සිටියදි රැප්  ගායන ශිල්පියෙක් ද හෘදයා බාධයකට  ලක්ව මියගොස්  තිබිණි. එය  එම ස්ථානයෙන් වාර්තා වු එකම මරණය විය.

මෙම නිර්පාක්ෂික අරගලය ඉකුත් 09  දින ආරම්භ කර තිබු අද (19) වන විට 11 වන දිනටත් එය  අඛණ්ඩව පවත්වාගෙන   යමින් සිටියහ.