
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අතීතයේ මෙන් කැරලි ගහන්නේ නැතිව ව්‍යවස්ථාවෙන් විසඳුමක් ඉල්ලන තරුණ තරුණියන්ගේ හඬට ඇහුම්කන් දිය යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ඒ අය කෑ ගහන්නේ අපේ වැරදි නිසයි. ඔවුන් ගේ අදහස් ලබා ගත යුතුයි. තරුණ තරුණියන්ට ගෝල්ෆේස් පිටියේ සාමකාමීව ව්‍යවස්ථාවෙන් විසඳුමක් ඉල්ලනවා. ඔවුන් අතීතයේ මෙන් කැරලි ගැසුවේ නැහැ. සභාවේ සියලුම දෙනා ඒ තරුණ තරුණියන්ගේ හඬ අගය කළ යුතුව තිබෙනවා. ඒ ඉල්ලන්නේ ඔවුන්ගේ අනාගතයයි. අපේ අනාගතයේ ඉවරයි. මෙතෙන්ට එන්න කියා ඔවුන්ගේ අදහස් ලබා ගන්න. ඔවුන්ට අයිතියක් තිබෙනවා.කරුණාකර ඒ තරුණ තරුණියන්ගේ කටහඬට රටේ පීඩනයෙන් යටත්ව සිටින අයගේ කට හඬට ඇහුම්කන් දී දේශපාලන විසඳුමක් ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd