(මහේෂ් කිර්තිරත්න)

පාර්ලිමෙන්තුව තුළ සිටින මන්ත්‍රිවරුන් 225 දෙනාම ගෙදර යායුතු බවත් පළපුරුදු දක්ෂ පිරිසකට රට භාර දිය යුතු බවට වු යෝජනාවක් ඉකුත්දා පැවති මාතලේ ප්‍රාදේශිය සභා මාසික මහ රැස්විමේදි ඒකමතිකව සභා සම්මත විය.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය මහතා  ගෙන ආ යෝජනාව එක්සත් ජාතික පක්ෂ‍ය නියෝජනය කරන විපක්ෂ නායක ගාමිණි කොස්තා මහතා විසින් ස්ථිර කිරිම විශේෂත්වයකි.