
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඔළුගෙඩි මාරු කරලා ආණ්ඩුව හදාගත්තත් මේ පාලනය කෙරෙහි ජනතාව විශ්වාස කරන්නේ නැතැයි ද ජනතාව විශ්වාස කරන්නේ නැති පාලකයෙකුට මේ අර්බුදයෙන් ගොඩ එන්න නොහැකි නිසා ජනතාව විශ්වාස කරන නව පාලනයක් අවශ්‍ය බවද කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජාජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
තවදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා:-
"රටක් සොබාවිකව මේ ව්‍යසනය වුණා නම් ඊට මුහුණ දීම අප කාගේත් යුතුකම යි. නමුත් මෙය තමුන්නාන්සේලා විසින් නිර්මාණය කළ අර්බුදයක්.පාර්ලිමේන්තුවේ කොතරම් කෘෂිකර්ම ප්‍රශ්නය කතා කළා ද? ගොවි ජනතාව පාරට බැස්සා.ගොවි ජනතාව අවුස්සනවා යැයි කිව්වා.ජනාධිපතිවරයා වරද තේරුම් ගත යුත්තේ රටට මාරාන්තික විනාශයක් අත්කර දීලා ද?මෙය පිඟන් හෝදන කොට පිඟානක් බිඳුනා වගේ වරදක් නොවේ. ගොවි ජනතාවගේ ජීවිත විනාශ කිරීමක්."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd