
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
20 අහෝසි කර 19 ගෙනාවට සෑහීමකට පත් වන්නේ නැතැයි ද අනිවාර්යෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අමාත්‍යවරයාගේ විශේෂ ප්‍රකාශයෙන් පසු නැගී සිටි විපක්ෂ නායකවරයා මෙසේද සඳහන් කළේය.
පිං මාළු වලේ ඉඳගෙන මාළු බෑවෙි අප නොවේ. ආණ්ඩුව දැන් තේරුම් ගෙන ඇතැයි කියන දේ අප තේරුම් ගත්තේ මීට වසර දෙකහමාරකට පෙරයි.ආණ්ඩුව හිතාමතාම මේ වරද කර තිබෙනවා. මෙය පොඩි වරදක් නොවේ. ලක්ෂ 220 ක ජනතාව කනත්තට යවන්නට කළ සාපරාධී ක්‍රියාවක් බව කිව යුතුයි.
ජාත්‍යන්තර ආයතන ආයතන වලින් දැන් යහපත් ප්‍රතිචාර ලැබෙනවාලු.ඒ ගනුදෙනුව වසර දෙකකට පෙර සිදු නොකළේ ඇයි?අද පෝලිම් ඇතිවී තිබෙන්නේ ආණ්ඩුවේ වැරදි නිසයි.ආණ්ඩුව කළ යුතු දේ අද අප බලයක් නැතිව සිදුකරමින් සිටිනවා.20 අහෝසි කර19 ගෙනාවට අප සෑහීමකට පත් වන්නේ නැහැ. අනිවාර්යෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි.රටට ඇත්ත කියන්න. අප අන්දන්න ලැබෙන්නේ නැහැ.ජන අරගලයේ හඬ පාර්ලිමේන්තුවේ රැව් පිළිරැව් දෙන ගමන ක්‍රියාත්මක කළ යුතුයි. අනිවාර්යෙන්ම ජනාධිපති සහ ආණ්ඩුව ඉවත් විය යුතුයි.ප්‍රගතිශීලී කණ්ඩායමක් අද විපක්ෂයේ පැත්තේ වාඩි වුණා. ඔවුන් සමඟ ප්‍රගතිශීලී සාකච්ඡාකොට අරගල කරුවන්ට විසඳුම් ලබා දෙන්න අප කටයුතු කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd