(ඩයනා උදයංගනී, රේඛා තරංගනී ෆොන්සේක)

වත්මන් රජයට විරෝධය පා ජාතික ජනබලවේගය ආරම්භ කර ඇති පා ගමන මේ වන විට  වැල්ලවත්ත නගරය පසුකරමින්  ගමන් කරන  බව වාර්තා වේ.

'ජනපීඩක ආණ්ඩුව පන්නමු' යන තේමාව යටතේ බේරුවල නගරයෙන් ඉකුත් 17 වැනිදා ආරම්භ කෙරුණු මෙම පාගමන පළමු දිනයේ වාද්දුව නගරය දක්වා ගමන් ගත් අතර, ඔවුහු ඊයේ දිනයේදී එහි සිට මොරටුව බලා පැමිණියහ.

මොරටුවේ සිට කොළඹ නගර ශාලාව දක්වා අද ගමන් ඇරඹූ පා ගමනට විශාල පිරිසක් එක්ව සිටිති.

ඡායාරූප රේඛා තරංගනී ෆොන්සේකා


(ඡායාරූප: නදීර උදයංග)