(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සහරාන්ගේ වාහනය  තමා පාවිච්චි නොකරන බවත් එය පොලිස් විශේෂ කාර්ය බලකාය බාරයේ පවතින බවත් මහජන ආරක්ෂක හිටපු අමාත්‍ය අද්මිරාල්  සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සහරාන් හෂීම්ගේ වාහනය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ  පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කළ විමසුමකදීය.

තමා මෙම වාහනය ගැන ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසූ බවත්  වාහනය  රාජසන්තක කර ඇතැයි  ඔහු පැවසූ බවත් හිටපු අමාත්‍යවරයා කීවේය.

මේ ප්‍රශ්නය ඇසූ එක හොඳ යැයිද  සරත් වීරසේකර මහතා කීවේය.

වීරසේකර මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් එක දිගට කෑකෝ ගැසීම නිසා සභාවේ උණුසුම් තත්වයක් ඇතිවිය.