
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටේ ආර්ථිකය ගොඩ නැගීමට හෝ රටෙි හතර මායිම් ගැන දැනීමක් නැති ගොඨාභය සියල්ල ගිනි බටයෙන් කරන්න පුළුවන් යැයි හිතාගෙන සිටින බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කන්න නැතුව පාරට බහින ජනතාව වෙඩි තබා ඝාතනය කරන්නට ආණ්ඩුවට තිබෙන අයිතිය කුමක්දැයි දිසානායක මහතා ප්‍රශ්න කළේය.
ජනතාව පාරට බහින්නේ තමන්ගේ ඔලුවේ හැදෙන හිතලු මත නොවේ යැයිද නිවසේ ඇත්ත ප්‍රශ්නයක් පැන නැගී තිබෙන අතර ආදායම වැඩි නොවුනත් ආහාර මිල ඉහළ යමින් විශාල භාණ්ඩ හිඟයක් ඇති වී තිබෙන අතර සියලු රැකියා කරන්නන් ගේ ජීවිත අනාරක්ෂිත කර තිබෙන බවද අනුර දිසානායක මහතා සඳහන් කළේය.
මෙි ජනතා හැඟීම් දැනෙන්නේ නැති හිරිවැටුණු ආණ්ඩුවක් බවද අනුර දිසානායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හතර මායිම ඕනෑ නැහැ... ළමයි ටික ඉගෙන ගන්නේ මොන රටවල්වලද? ඒවට සල්ලි කොහෙන්ද විතරක් කියන්නකෝ...?
හොරකම විතරක් දැනගෙන රාජ්‍ය පරිපාලනයට ආවම වෙන්නේ මෙහෙම තමයි අනුර. රටේ භාගයක්ම කන්නේ තණකොළ..., බොන්නේ පුන්නක්කුනේ...!
මේ රට මේ අගාධයෙන් ගොඩගැනීමට හැකි අවසාන විශ්වාසයයි.
උද්ඝෝෂණය කරන්න ඕනෑ සාමාන්‍ය ජනයාට කරදරයක් නොවෙන විදිහට. ඔහොම පාරවල් වහගෙන දඟලන අයට නම් ගහලා පන්නන්න ඕනෑ.
අනේ අනුර ඔහේලාට කොහොමත් මිනිස් බිල්ලක්නේ ඕනෑ වුනේ. කොහොමත් පුරුදු ලේ සුවඳයිනේ...!
මිනිස්සු කන්න නැතිව මැරුණත්, පාරවල් අවහිර නොවී තිබුණත් ඇති වගේ...
මෙයා දන්නේ හතර මායිම විතරක් නෙවෙයි. හතර මුල්ල පනින්න. අනෙක මායම් ඔක්කොමත් දන්නවා. අනෙක් චක්ගෝලයින් ටිකත් එහෙම තමයි. කාට කියන්නද?
ජේවීපී 1971 - 1980 ගණන්වල කළ දේවල් මේ රටේ මිනිසුන්ට අමතකද? ඒවා තමයි මේ දැනුත් කරන්නේ. 1971 කැරැල්ල කළේත් මේ අයයි. දැනුත් ඒකට තරුණ තරුණියන් මෙහෙයවනවා. බලාපොරොත්තු තියාගන්න අපූරු මිනිස්සු...!