(නිමල කොඩිතුවක්කු)

නිරායුධ ජනතා විරෝධතාවලට ප්‍රචන්ඩත්වය, මර්ධනය සහ ආයුධ පාවිච්චි නොකර ජනතාවගේ ඉල්ලිම්වලට කන් දී රටේ ආර්ථිකය හදන වැඩපිළිවලක් සකස් කරන ලෙස ආණ්ඩුවට බලකරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කොළඹදී අද (20) ප්‍රකාශ කළේය.

රඹුක්කනදී සිදුවූ වෙඩිතැබීමේ සිද්දිය පිළිබඳ වහාම ස්වාධීන පරීක්ෂණයක් සිදුකර එහි සත්‍ය තත්වය වහාම රටට හෙළි කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් විජයවර්ධන මහතා පැවසීය.

“පාට, පක්ෂ” ආගම් බලන්නේ නැතුව ජනතාව තමන්ගේ රට වෙනුවෙන් පාරට බැහැලා තියෙනවා. නිර්පාක්ෂික අරගලයක් විදිහට ඉදිරියට ගිය මේ අරගලයේ ලේ වැගිරීම් ආරම්බ වෙලා තිබෙනවා. නිරායුද ජනතාවගේ නිර්පාක්සික අරගලයට ආණ්ඩුව සිදුකරන මර්දනය එක්සත් ජාතික පක්ෂය විදියට අපි හෙලා දකිනවා. අද අපේ රට බරපතල ආර්ථික අගාධයකට වැටිලා ගොඩ එන්න දගලන වෙලාවේ, මේ රටේ මුදල් ඇමැතිවරයා ජාත්‍යන්තරයට ගිහින් රටට අවශ්‍ය සහන ගන්න දගලන වෙලාවේ, ආණ්ඩුවේ තියෙන අඥාන කම නිසා අද තව තවත් මේ රට ජාත්‍යන්තරයෙන් කොන් වෙනවා. රට ජත්‍යන්තරයෙන් කොන් වෙනවා කියන්නේ මේ රටේ මිනිස්සු තව තවත් දුකට පත් වෙනවා කියන එකයි.

මේ මිය ගිය තරුණයා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව වැඩ කරපු තරුණයෙක්. නමුත් ඔහු මේ අවාසනාවන්ත තත්ත්වයට පත් වෙන කොට පක්ෂ පාට බේදයෙන් තොරව පාරට බැහැලා පොදු මහ ජනතාව කරන සාමූහික ජන අරගලයකට සහභාගී වෙමින් තමයි ඔහු හිටියේ. ලක්ෂාන් සහෝදරයා තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරලා ලෝකෙට කිව්වා මේ අරගලය සියයට සියයක්ම සියලු ජාති, ආගම්, පක්ෂ, පාට බේදවලින් තොර පොදු ජන අරගලයක් බව. ජනතාව වෙනුවෙන් ජීවිතය කැපකළ ඔහු අද ජනතා වීරයෙක් වෙලා ඉවරයි. දැන් අලුත් ආරක්ෂක අමත්‍යවරයෙක් පත්ව සිටිනවා. මේ ගැන වහාම ස්වාධීන පරීක්ෂණයක් සිදුකරලා මේ සිදුවීම පිලිබඳ සත්‍ය තත්වය රටට හෙලි කරන්න කියලා අපි රජයට බලකරනවා.

මම කෑගල්ල රෝහලට ගිහින් තුවාල ලැබූවන්ගේ තත්වය සොයා බැලුවා. ඉතා අසරනණ වෙලා කරකියා ගන්න දෙයක් නැතුව නිරායුදව පාරට බැහපු මිනිස්සුන්ට තමයි මේ වෙඩි තියලා තියෙන්නේ. කරුනා කරලා මේ මර්ධනය නවත්වන්න කියලා අපි ආණ්ඩුවට බලකරනවා. ආර්තික අර්බුදයකට මැයි මාසය වනවිට අපට මුහුන දෙන්න වෙයි. එවැනි අවස්ථාවක මේ අරගල කොතෙන්ටද යන්නේ. ප්‍රජන්ඩත්වය, ආයුධ පාවිච්චි කරන්නේ නැතුව ජනතාවගේ ඉල්ලිම්වලට කන් දීලා රටේ ආර්තිකය හදන වැඩපිළිවලක් සකස් කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.