
(ඉන්දිකා රාමනායක සහ පී. ශාන්ත බණ්ඩාර)
ඉන්ධන මිළ ඉහළ දැමීමට විරුද්ධව රඹුක්කන නගරයේ දී ඊයේ (19) හටගෙන තිබු කළහාකාරි සිද්ධියෙන් පසු එම පොලිස් බල ප්‍රදේශයට පනවා තිබු පොලිස් ඇදිරිනීතිය හේතුවෙන් ප්‍රදේශය සාමාකාමී තත්ත්වයක් හටගෙන තිබිණි.
අතිරේක පොලිස් කණ්ඩායම්, කැරළි මර්දන කණ්ඩායම්, විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා කැඳවා ප්‍රදේශයේ ආරක්ෂාව තරකර තිබිණි.
නැවත දැනුම් දෙනතුරු එම පොලිස් බල ප්‍රදේශයට පනවා තිබු පොලිස් ඇදිරි නීතිය හේතුවෙන් අලුයම සිට ප්‍රදේශය පාළුවට ගොස් තිබු අතර,කිසිදු කළහාකාරි සිද්ධියක් වාර්තා නොවු බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
සිද්ධියට මුල් වු රඹුක්කන ඉන්ධන පිරවුම් හලට, පොලිස් ස්ථානයට අමතර කණ්ඩයම් යොදවා ආරක්ෂාව තර කර තිබීම විශේෂ සිද්ධියක් විය.
කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය කෑගල්ල රෝහල වෙත පැමිණ පොලිස් වෙඩි පහරින් මියගිය පුද්ගලයාගේ මුලික මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත් වු අතර, ස්ථානීය පරීක්ෂණ සිදුකළාය.
කෑගල්ල අපරාධ ස්ථානීය පරීක්ෂණ කණ්ඩායම් ( සොකෝ) එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් එක් තරුණයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වෙනුවෙන් පෙනී සිටීම සදහා නීතිඥවරුන් රැසක් අද පෙරවරුවේ සිටම පොලිසිය වෙත පැමිණි සිටියහ.
පෙරවරුවේ සිට ප්‍රදේශයේ ජනතාව නිවෙස් වල සිටිය ද පෙරේදා පොලිස් වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයකු මියයාමේ සිද්ධියට විරෝධයට දක්වා පිරිසක් නගරයේ ඉන්ධන පිරවුම් හල ඉදිරිපිටට පැමිණ සාමකාමී විරෝධතාවක නිරත වුහ.
පනවා තිබු ඇදිරිනීතිය නොතකා පිරිස පැය දෙකක් පුරා එම ස්ථානයේ සිට විරෝධතාවයේ නිරත වුහ.
ඇදිරි නීතිය නොතකා පැවැත් වු එම විරෝධතාවට පොලිසියේ කිසිදු බලපෑමක් එල්ල නොවීම විශේෂ සිද්ධියක් විය.
පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල රෝහලේ දී අද පැවැත්වීමට නියමිතව තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd