
(අජන්තකුමාර අගලකඩ)
නව රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ දිවුරුම් දුන්හ.
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස සුරේන් රාඝවන්, තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය ලෙස සදාසිවම් වියාලේන්ද්‍රන්, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්යසිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සහ පේෂ කර්මාන්ත හා දේශීය ඇගළුම් නිෂ්පාදන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්යමොහොමඩ් මුෂාරෆ් මහත්වරු එසේ දිවුරුම් දුන්හ.
අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරුණු සුරේන් රාඝවන් මහතාගේ රාජ්‍ය අමාත්‍ය ධූරය උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මිනිස්සු නොමැරී ජීවත් වෙනවා. මෙයාලා තාම ඇමැතිකම් බෙදාගන්නවා.
සුළු ජාතික පක්ෂ ටික ගොඩේ ගොඩ..!
අපේ මේ සිංහල බෞද්ධ රටට විශාල සේවයක් ඉටුකළ දේශප්‍රේමී ගරු පිල්ලයාන් මැතිතුමාට මගේ බලවත් ගෞරවය පුදකරමි. මේ අමනයින්ගේ රටට ඔබතුමාගේ සුවිශේෂ දායකත්වය අනාගතයේදී මීටවඩා ලැබේවි යයි බලාපොරොත්තු වෙමි..!
කන්න ඕනෑ වුණාම දාර කොටියත් හොඳ රස මසවුලක් වුණා එහෙනම්.. කීවේ නම් ත්‍රස්තවාදයෙන් රට බේරා ගන්නවා කියලයි.