
ණය මුදලක් ලබාදීම පිළිබඳව සාකච්ඡා මූලික අදියරේ පවතින බවත් ණය මුදලක් ලබාදෙන්නේ නම් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය තිරසාර මාවතක් කරා යොමු කළ හැකි බවට "ප්‍රමාණවත් සහතිකයක්" අවශ්‍ය බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රොයිටර්ස් පුවත් සේවයට පැවසීය.
කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා ශ්‍රී ලංකා රාජ තාන්ත්‍රික කණ්ඩායම සමග ණය ලබාදිය හැකි ආකාරය සහ කොන්දේසි පිළිබඳ ඊයේ (19) සාකච්ඡා කළ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී මසයිරෝ නොසාකි මහතා පැවසීය.
ගෙවුම් ශේෂය හිඟය මග හරවා ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි තිරසාර මාවතකට හැකි ඉක්මනින් යොමුකිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහයෝගයෙන් වැඩසටහනක් අවශ්‍ය බව මසයිරෝ නොසාකි මහතා ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලාංකික ජනතාව අත්විදින දුෂ්කරතා විශේෂයෙන් දුප්පත් සහ අවදානමට ලක්විය හැකි පාර්ශව අත්විඳින දුෂ්කරතා පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බව මසයිරෝ නොසාකි මහතා පැවසීය.
විමුක්ති එස් රුද්‍රිගු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත පහක් වෙන ණය දෙන්න එපා. ණය දෙනවා නම්... ලංකාව උගසට ගන්න. සින්න වුණොත් මේක යුරෝපයට, අයිති වෙන විදිහට.
මූල්‍ය අරමුදල කියන්නේ චීන ආණ්ඩුව වගේ එකක් නෙමෙයි. අහගත්තනේ කන පිරෙන්න. රටේ උන් කියද්දිනේ අහන්න බැරි වුණේ. දැන් එන්නකෝ රෙදිත් නැතිව..
මෙයාලාට නම් ණය දෙන්න එපා. ඒ මුදල ඔයාලා තියාගෙන අපේ රටේ අවශ්‍යතාවලට ඔයා වියදම් කරන්න. නැතිනම් ඔය ණයත් හොරා කනවා අපේ කට්ටිය..
හොර නායකයින්ට ණය ගන්න බැහැ.
මේ ජෙප්පන්ට, පුතාණෝගේ තාත්තටත් අවශ්‍ය මොනවද කියලා මේ ප්‍රතිචාරවලින් පේනවනේ. මෙයාලට ඕනේ තම මවුබිම තවතවත් අරාජික වෙනවා දකින්න. එලොවටත් නැති, මෙලොවටත් නැති අය...
රාජපක්ෂවරු යටතේ ණය දෙන්න එපා... යනයකා කොරහත් බිඳගෙන යන්නේ.., රටේ ආර්ථිකය කර්මාන්ත, නංවන වැඩ ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන අය බලයට ආපු දාට දෙන දෙයක් දෙන්න...
අප මේ තත්වයට ඇද වැටුනේ මීට පෙර ලබාගත් ණය කළමනාකරණය කර ගැනීමට අපොහොසත් වීම නිසයි. ඉදිරියේදීත්, අපට අපේ ණය කළමනාකරණය කරගැනීමට හැකියාවක් ඇති බවක් නොපෙනේ... එබැවින්, නැවතත් ණය දීමකදී එම මුදල් වැය කිරීම පිළිබඳව වගවීමට රජයට බලකර සිටිය යුතුයි...
භාණ්ඩ සහ සේවාවලින් ආධාර කරන්න ලොකු මුදල් දුන්නොත් වෙන වැඩේ ජනතාව දන්නවා.
අනිවාර්යයෙන් IMF යන්න ඕනේ... පිනට කකා රජයේ රස්සා කරන කාලකන්නි අයින් කරන්න ඕනේ... මේකේ කමෙන්ට් කරන වැඩි හරියක් මුණ කැතයි කියලා නහය කපාගන්න ජාතියේ ගොබ්බයින් ඉන්නේ...
ඔය ණය කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒ හැමෝම බලන්නේ බලය අරගන්න විදිහක්... චීනෙන්වත් අහලා බැලුවා නම්...