
(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhon මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිණි.
පවතින ව්‍යසනකාරී මොහොතේ ශ්‍රී ලංකාව වෙත සහෝදරත්වයේ දෑත් දිගු කරන චීනයට සිය ස්තූතිය පුද කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී ප්‍රකාශ කළේය.
දීර්ඝ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාව සහ චීනය අතර පවත්නා ද්විපාර්ශ්වීය සබැඳියාව පිළිබඳවද එහිදී සිහිපත් කරනු ලැබීය.
ශ්‍රී ලංකාව වර්තමානයේ සිටින තත්ත්වයෙන් ගොඩ ගැනීම වෙනුවෙන් චීනයේ නොමසුරු සහයෝගය අත්‍යාවශ්‍ය බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් මැදිහත් වන ලෙසද තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබදතා තවදුරටත් වැඩි දියුණු කිරීම පිළිබදව මෙහිදී විශේෂ අවධානයක් යොමුවිය.
දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගිතාවය පිලිබදව ද මෙහිදී සාකච්ඡාවට ගැනුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් නම් කියන්න චීනයට දීපුවා ආපහු ගන්නවා කියලා. බොරු සෝබන දාන්න එපා...