(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)

පානදුර නගරයේ ගාලුපාර අවහිර කරමින් පවත්වාගෙන ගිය විරෝධතා පෙලපාලියට අද  පස්වරුවේ ප්‍රදේශවාසීහු පිරිසක් කඩාවැදී විරෝධතාකරුවන් පලවා හැරීමට කටයුතු කළහ.

ත්‍රිරෝද රථ රියදුරන් පානදුර ඔරලෝසු කනුව ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් ආරම්භ කළ විරෝධතාවයට ඊයේ (19) රාත්‍රි වනවිට තවත් පිරිසක් සම්බන්ධවී සිටී අතර , ඔවුන් අද උදෑසන පානදුර ශ්‍රී ලංගම බස් නැවතුම්පොළ ඉදිරිපිට සහ සතොස වෙළෙඳ ඉදිරිපිටද ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවය ආරම්භ කර තිබුණි.

පසුව ඔවුන් පානදුර අතුරුමාර්ගද වසාදමා විරෝධතාවය පවත්වාගෙන ගිය අතර , මේ සම්බන්ධයෙන් උරණවූ ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාකරුවන් සමග උරණවී ඇතිවූ උණුසුම් තත්ත්වයෙන් පසු ප්‍රදේශවාසීන් විරෝධතා කරුවන් ඉදිකර තිබූ ටෙන්ට් ආවරණ ගලවා ඉවත්කර මාර්ගය විවෘත කිරීමට කටයුතු කරනු ලැබීය.