(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ ස්වාධීන පිරිසකට කැබිනට් මණ්ඩලය බාර දෙන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදී අද (20) ඉල්ලීමක් කළේය.
ආණ්ඩුව වහාම ඉවත්වී අන්තර්වාර පාලනයකට ඉඩකඩ ලබාදිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
මේ රාජපක්ෂවරුන්ගේ රටක් නොවන බවත් පවුල් පාලනයකට රට බාරදී බුදිය නොගන්නැයි ඉල්ලා සිටින බවත් ඔහු කීවේය.
ආණ්ඩු පක්ෂය පැත්තට වඩා විපක්ෂය පැත්තේ රට කළ හැකි හොඳ අය සිටින බවද අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
මේ ආණ්ඩුව නිලධාරීන්ට වැරදි ආකාරයට වැඩ කිරීමටදී බලා සිටි බව සඳහන් කළ මන්ත්‍රීවරයා සියලු ප්‍රශ්නය ඇතිවුණේ ඒ නිසා යැයිද සඳහන් කළේය.
හැංගිලා සිටිමින් මේ ප්‍රශ්නය විසඳිය නොහැකි බවත් ප්‍රශ්නය දුරදිග යෑම නිසා අද මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වලට ගල් ගහන තත්වයක් ඇතිවී තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
ආණ්ඩුවට ඥානය පහළ වේවායි යැයි තමා ප්‍රාර්ථනා කරන බව යාපා මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ස්වාධීන පිරිසකට කැබිනට් මණ්ඩලය බාරදෙන්න
sharm warn Wednesday, 20 April 2022 02:23 PM
ඒ කියන්නේ ඔයත් පිළිගන්නවා මේ ජනාධිපති විතරක් නෙමෙයි, ආණ්ඩුවම ෆේල් කියලා...
pakeer Wednesday, 20 April 2022 02:23 PM
නුඹලාට දුන්නු වෙලාවේ වැඩේ අනාගත්තනේ...
සලීම් Wednesday, 20 April 2022 03:53 PM
මේ ආණ්ඩුව හදපු හොරු කිසි කෙනෙක් ගාව ගන්න එපා.