(විමුක්ති .එස්.රුද්‍රිගූ)

ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ,සෞඛ්‍ය උපකරණ ,පෝෂ්‍යදායි සැපයුම් සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් හදිසි ආධාර සැපයිය හැකි බව ලෝක බැංකුව පවසයි .

ලෝක බැංකුවේ දකුණු ආසියා උප සභාපති හාර්ට්විග් ශාෆර් මහතා,ශ්‍රී ලංකාවේ මුදල් ඇමති අලි සබ්රි සහ මහ බැංකුවේ අධිපති හා ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්වරුන් හමුුවූ අවස්ථාවේ මේ බව පවසා ඇත .

මෙම හමුවේ දී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් දුප්පත් සහ අවදානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

ලෝක බැංකුව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් දුෂ්කරතාවලට මුහුණ පා සිටින දුප්පත් සහ අවධානමට ලක් වී සිටින පාර්ශ්ව වෙනුවෙන් හදිසි ආධාර සැපයීමට සූදානමින් සිටින බව ලෝක බැංකුවේ දකුණු ආසියා උප සභාපති හාර්ට්විග් ශාෆර් මහතා තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවැසුවේ ය .