
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රග්බි සංගමය තහනම් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ගත් පියවර පිළිබඳව කරුණු සොයා බැලීමට ආසියානු රග්බි සංගමය නියෝජනය කරමින් රග්බි සංවර්ධන උපදේශකවරයෙක් වන බෙන්ජමින් වෑන් රූයන් මහතා අද (20) ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඒ මහතාගේ දින හතරක ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා රග්බි නිසිබලධාරියා ලෙස නම් කර ඇති ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් සහ ශ්‍රී ලංකා රග්බි හිටපු නිලධාරීන් ඇතුළු පිරිසක් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.
හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා කිසිඳු හේතුවක් නොදක්වමින් මේ මස 1 වැනිදා ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරී මණ්ඩලය තහනම් කරමින් ක්‍රීඩා අමාත්‍යංශයට බලය පැවරීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd