(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හදිසි පක්ෂ නායක රැස්වීමක් අද (21) පස්වරු එකයි තිහට පැවැත්වෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව ඇරඹුමේ දී නිවේදනය කළේය.

සියලු පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ නියෝජිතයන් සහභාගී විය යුතු බව ද කතානායක වරයා පැවසීය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්වූ අතර පාස්කු ප්‍රහාරයට විරෝධය පළ පළ කිරීම සඳහා විපක්ෂ මන්ත්‍රීවරුන් කළු ඇඳුම් ඇඳ සභාවට පැමිණ සිටින අයුරුද දැකගත හැකි විය.