(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාව අතිරේක ඩොලර් මිලියන 500 ක මූල්‍ය ආධාරයක් ලබා දෙන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය
.බංගලාදේශයට ගෙවිය යුතු ඩොලර් මිලියන 450 ක ගෙවීමක් කල් දැමීමටද බංගලාදේශය කැමැත්ත පළ කර ඇති බව අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සිදු කළ එම ප්‍රකාශයේ සඳහන් වේ.
"ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හි ආධාර අප වෙත පැමිණීමට මාස හයක් පමණ කාලයක් ගත විය හැකි අතර එය කොටස් වශයෙන් ලැබෙනු ඇතැයි"මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කළ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.එසේ ලැබීමට ගතවන කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ආධාර සොයා ගත යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd